11 ශ්‍රේණිය විද්‍යාව : ලුණු නිස්සාරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

11 ශ්‍රේණිය විද්‍යාව : ලුණු නිස්සාරණය

11 ශ්‍රේණිය විද්‍යාව : ලුණු නිස්සාරණය

ශ්‍රී ලංකාවේ ලුනු නිපදවීම සඳහා භාවිතා කරන්නේ මුහුදු ජලය වාශ්පීභවනය හෙවත් ලුණු ලේවා ක්‍රමයයි. මෙහිදී ලේවායකට රැස් කරනු ලබන මුහුදු ජලය තටාකවල රඳවා වාෂ්පීභවනය කිරීමෙන් සාන්ද්‍ර කර ලුණු ස්ඵටීකරණය වීමට සලස්වනු ලැබේ මෙහිදී වාෂ්පීභවනය හා ස්ඵටිකීකරණය යන වෙන් කිරීමේ ශිල්ප ක්‍රම ප්‍රධාන වශයෙන් භාවිතා වේ.

ප්‍රධාන වශයෙන් ලේවායක් ස්ථානගත කිරීම සඳහා සලකා බැලිය යුතු භූගෝලීය හා පාරිසරික සාධක රාශියක් තිබෙනවා ලේවායන් පිහිටුවීමේදී සලකා බැලිය යුතු භූගෝලීය හා පාරිසරික සාධක කිහිපයක් පිළිබඳව කතා කරමු,


> මුහුදුබඩ ප්‍රදේශයක පහසුවෙන් ජලය ලබා ගත හැකි තැනිතලා ස්ථානයක් වීම
> ජලය කාන්දු වීම අවම මැටි පසක් සහිත පසක් තිබීම
> වසර පුරා තද සූර්යාලෝකය හා සුළඟ සහිත වියළි උණුසුම් කාලගුණයක් පැවතීම
> වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වීම

 

ප්‍රධාන වශයෙන් ඉහත සඳහන් කළා වූ පාරිසරික සාධක පැවතීම අනිවාර්ය වේ

සාමාන්‍යයෙන් ලුණු ලේවායක ව්‍යුහය සැලකීමේදී තටාක වර්ග තුනක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි ඒවා නම් නොගැඹුරු විශාල තටාක, මධ්‍යස්ථ තටාක ,කුඩා තටාක වශයෙනි.

 



මෙසේ නිර්මාණය කර ගත් තටාක ආශ්‍රිතව නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනක් අනුගමනය කරනවා.

1 පියවර :-
පොම්ප කිරීම හෝ වඩදිය ආධාරයෙන් නොගැඹුරු විශාල තටාක වලට මුහුදු ජලය පුරවා සූර්යතාපය මඟින් වාෂ්පීභවනය වීමට සලස්වනු ලැබේ ජලයේ සාන්ද්‍රනය මෙන් දෙගුණයක් සාන්ද්‍රනය වැඩි වන විට පළමු තටාකය තුල දී කැල්සියම් කාබනේට් ස්ඵටිකීකරණය වෙමින් තටාකය පතුලේ අවක්ෂේප වේ.

2 පියවර:-
මෙහි දෙවන පියවර වශයෙන් ජලය මධ්‍යස්ථ ප්‍රමාණය තටාක වෙත ගලා යෑමට සලස්වයි .එම තටාක වලදී ද්‍රාවණයේ ජලය තවදුරටත් වාෂ්ප වේ මෙහි දී මුල් ජලයේ සාන්ද්‍රනය මෙන් හතර ගුණයක් පමණ ලවණ සාන්ද්‍රනය ඉහළ යන විට එහි ඇති කැල්සියම් සල්ෆේට් ස්ඵටිකීකරණය වෙමින් පතුලේ අවක්ෂේපවේ

3 පියවර :-
මෙහි තුන්වන පියවර ලෙස කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වූ පසු මෙම ද්‍රාවණය මධ්‍යස්ථ තටාක වල සිට තුන්වෙනි කුඩා තටාක වෙතට ජලය යෑමට සලස්වා තවදුරටත් ජලය වාශ්පීභවනය කිරීමට සලස්වයි ආරම්භක මුහුදු ජලයේ සාන්ද්‍රනය මෙන් දස ගුණයක් පමණ සාන්ද්‍රනයක් ඇති විට ලුණු (NaCl) ස්ඵටිකීකරණය වෙමින් පතුලේ අවක්ෂේප වේ.

ලුණු අවක්ෂේප වීම සිදුවන අතතුර තවදුරටත් සාන්ද්‍රනය ඉහළ යයි සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වීම අවසන් වීමටත් ප්‍රථම මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප වීම ඇරඹෙයි.මෙහිදී මෙම ලවණ මිශ්‍ර වීම නිසා ලුණු තිත්ත රසයක් ඇති වේ.(මෙම ලුණු අවක්ෂේප කිරීමෙන් පසු ඉතිරි වන සාන්ද්‍රනය මව් ද්‍රාවණය නොහොත් කාරම් දියරය ලෙස හදුන්වනවා )

පිරිසුදු සෝඩියම් ක්ලෝරයිඩ් ජලාකර්ෂක නොවේ එහෙත් ඉහත ආකාරයේ ලබාගන්නා ලුණුවල අපද්‍රව්‍ය ලෙස පවත්නා මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් අවද්‍රාවක ගුණයෙන් යුක්තය .එනම් ජලවාෂ්ප උරාගෙන දියවේ තුන්වන තටාකයෙන් ලබා ගන්නා ලුණු ඉවතට ගෙන ප්‍රිස්ම හැඩයට ගොඩගසා මාස හයක් තබනු ලැබේ ගබඩා කිරීම කාලය තුළ වාතයේ ජලවාෂ්ප උරාගෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් දියවී ඉවත් වේ අවසාන වශයෙන් ලුණු ගණයක් ලෙස මෙහි ඉතිරි වේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

5240 Views

Comments

arrow-up