9 ශ්‍රේණිය විද්‍යාව : රුධිර පාරවිලයනය

එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ලබා දීමේ ක්‍රියාවලිය රුධිර පාරවිලයනය නම් වන අතර රුධිරය ප්‍රදානය කරන පුද්ගලයා දායකයා ලෙසත් රුධිරය ශරීරගත කර ගනු ලබන පුද්ගලයා ප්‍රතිග්‍රාහකයා ලෙසත් හැඳින්වේ. නමුත් රුධිර පාරවිලයනය කල හැක්කේ දායකයාගේ හා ප්‍රතිග්‍රහකයාගේ රුධිර ගණ හා රීසස් සාධක ගැළපෙන්නේ නම් පමණි.
රුධිර සෛල තුල ඇති ප්‍රෝටීන් සංඝටක අනුව රුධිර ගණ 4ක් නිර්ණය කරගෙන ඇති අතර ඒවා A, B, AB හා O ලෙස නම් කර ඇත. පහත වගුවේ දක්වා ඇත්තේ රුධිර පාරවිලයනයේදී රුධිර ගණ ගැළපීම සිදු වන ආකාරයයි.
වගුවට අනුව O රුධිර ගණය ඇති අයෙකුට ඕනෑම ගණයක රුධිරය ඇති අයෙකුට රුධිරය ප්‍රදානය කල හැකි බව පැහැදිලි වේ. එබැවින් O රුධිරය ඇති අය සාර්ව දායකයන් ලෙස හැඳින්වේ. තවද AB රුධිර ගණය ඇති අයෙකුට ඕනෑම ගණයක රුධිරය ප්‍රතිග්‍රහණය කල හැකි බවද පැහැදිලි වේ. එබැවින් AB රුධිරය ඇති අය සාර්ව ප්‍රතිග්‍රාහකයන් ලෙස හැඳින්වේ.
කලින් සඳහන් කල පරිදි රුධිර පාරවිලයනය සඳහා ගණ ගැලපීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඊට රීසස් සාධකයද ගැලපිය යුතුය. පුද්ගලයෙකුගේ රුධිරයේ රීසස් සාධකය තිබේ නම් Rh+ ලෙසත් එය නැති නම් Rh- ලෙසත් සැලකේ. Rh+ ප්‍රතිග්‍රාහකයන්ට Rh+ මෙන්ම Rh- රුධිරය ගැලපෙන නමුත් Rh- ප්‍රතිග්‍රාහකයන්ට ගැලපෙන්නේ Rh- රුධිරය පමණි.
ඒ අනුව රුධිර පාරවිලයනයේදී රුධිර ගණය හා රීසස් සාධකය යන දෙකම සලකන බැවින් පුද්ගලයෙකුගේ රුධිර වර්ගය හැඳින්වීම සඳහාද රුධිර ගණය හා රීසස් සාධකය යන දෙකෙහිම සංකලනයක් යොදා ගනී.
යම් අවස්ථාවක රුධිර පාරවිලනයකදී දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ගණ නොගැලපුණහොත් පාරවිලයනය කළ රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ ශරීරය තුල කැටි ගැසීමට ලක් වේ. එය රුධිර ශ්ලේෂණය නම් වේ. මෙම ක්‍රියාවලිය තුවාලයක් සිදු වීමෙන් අනතුරුව ඒ මත රුධිර පට්ටිකා බිඳීමෙන් ඇති වන රුධිර කැටි ගැසීමට වඩා වෙනස් වේ.
අවසාන වශයෙන් රුධිර සංසරණ පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා අපට කල හැකි දේ සලකා බලමු. දිනපතා ව්‍යායාමවල නිරත වීම, මනස සැහැල්ලු වන අභ්‍යාසවල නිරත වීම වැනි ක්‍රියාකාරකම් මඟින් නිසි රුධිර පීඩනයක් මෙන්ම උසට සරිලන බරක් පවත්වා ගැනීමට හැකි වනු ඇත. තවද ශරීරයට අහිතකර අධික ලුණු, සීනි හා තෙල් අඩංගු ආහාරයට ගැනීමෙන් වැලකි පලතුරු හා එළවලු ආහාරයට ගැනීමද ඉතා වැදගත් වේ. මිට අමතරව පරම්පරාගත දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය ඇත්නම් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.
by D.S.Ishanthi.
Photo source : Internet
5258 Views
Comments