6 ශ්‍රේණිය සෞඛ්‍යය : අභියෝග ජය ගන්නා ආකාරය

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලට තවත් වැදගත් පාඩම් කොටසක්. මෙහිදී දැනුවත් වෙමින් අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳව ඔයාලව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. බලන්න එය කෙතරම් රසවත් පාඩමක්ද කියලා.
එදිනෙදා ජීවිතයේ නොයෙකුත් අභියෝගවලට මුහුණදීමට ඔබට සිදු වේ. රෝග වැළඳීම අනතුරු ආපදා අපචාර අපයෝජන සහ අපේක්ෂා එසේ මුහුණ පෑමට සිදුවන අභියෝග වලින් සමහරකි. මෙම අභියෝග වලට සාර්ථකව මුහුණ දීම මගින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. අපට වැළඳෙන රෝග ප්‍රධාන වශයෙන් බෝවන සහ බෝ නොවන රෝග ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. කිසියම් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වන රෝග, බෝවන රෝග ලෙස හඳුන්වන්නට පුළුවනි. එවැනි රෝග එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට කෙලින්ම හෝ රෝග වාහකයෙකු මගින් බෝවේ.
සමහර රෝග එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට නොවැළදෙන අතර ඒවා බෝ නොවන රෝග ලෙස හඳුන්වයි. දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග පිළිකා සහ මානසික රෝග බෝ නොවන රෝග වේ. ලුණු සීනි හෝ මේදය අධික ආහාර පරිභෝජනයට ගැනීම, එළවළු පළතුරු සහ කෙඳි සහිත ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම, ක්‍රියාකාරී ජීවිතයක් ගත නොකිරීම සහ ව්‍යායාම නොකිරීම, අධිබර හෝ ස්ථුලතාව ඇති වීම, මානසික ආතතිය, මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය, ජානමය සාධක බෝ නොවන රෝග වැළඳීමේ අවස්ථා වැඩිකරයි. බෝවන රෝග පැතිරීම වැළැක්වීමට පෞද්ගලික ස්වස්ථතාව ඉතා වැදගත්. පෞද්ගලික ස්වස්ථතාව යනු පෞද්ගලික පිරිසිදුකම රැකගැනීමයි. පරිසර පවිත්‍රතාව මගින් රෝග පැතිර යාම වැළැක්විය හැකි අතර ප්‍රසන්න වටපිටාවක් ද ඇතිවේ. මැස්සන් මදුරුවන් කැරපොත්තන් මීයන් වැනි රෝග වාහක සතුන් බෝවීම මේ මගින් වැලැක්විය හැකියි.
සමබල ආහාර ගැනීමෙන් සහ නිසි ව්‍යායාම වල යෙදීම මගින් රෝග වැළැක්වීමට හැකි ලෙස ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති වේ. මීට අමතරව එන්නත් මගින් රෝග වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගත හැකියි. නිවැරැදි ජීවන රටාව අනුගමනය කිරීමෙන් බෝනොවන රෝග වළක්වා ගත හැකියි. දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග පිළිකා සහ මානසික රෝග ආදිය වැළඳීමේ අවදානම අපගේ ජාන මෙන්ම චර්යාව මත ද රඳා පවතී. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළඳීම නිසා අපට එදිනෙදා කටයුතු කරගෙන යාමට නොහැකි වන අතර ශාරීරික අපහසුතා ඇතිවේ. හෘදයාබාධ හා පිළිකා වැනි රෝග වැළඳීම නිසා දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසු විය හැකියි. එවිට අධ්‍යාපන කටයුතු රැකියාව කර ගෙනයාමේ අපහසුතා ඇතිවන අතර ආර්ථික ප්‍රශ්න ද ඇතිවිය හැකියි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
1184 Views
Comments