6 ශ්‍රේණිය සෞඛ්‍යය : පුද්ගලයකුගේ යෝග්‍යතාවය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
19

6 ශ්‍රේණිය සෞඛ්‍යය : පුද්ගලයකුගේ යෝග්‍යතාවය

6 ශ්‍රේණිය සෞඛ්‍යය : පුද්ගලයකුගේ යෝග්‍යතාවය

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනගා ගැනීමට කල යුතු දෙයක් ඔබ මේ වනවිටත් ඉගෙනගෙන ඇති. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින විට එදිනෙදා ක්‍රියාකාරකම් කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. එනම් සෞඛ්‍යවත් පුද්ගලයකුගේ යෝග්‍යතාවය හෙවත් යම් කාර්යයක සාර්ථකව යෙදීමට ඇති හැකියාව ඉහළ මට්ටමක පවතී. යෝග්යතාවය යනු අපගේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට ඇති හැකියාවයි. යෝග්‍යතාවයෙ ප්‍රධාන කොටස් තුනක් හඳුනාගත හැකියි. එනම් ශාරීරික යෝග්යතාවය සමාජීය යෝග්‍යතාවය සහ මානසික යෝග්‍යතාවයයි. ශාරීරික යෝග්‍යතාව යනු ශාරීරික ක්‍රියාකාරකමක් නියමිත සහ උපරිම අන්දමින් කිරීමට පුද්ගලයකුට ඇති හැකියාවයි. එදිනෙදා අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් ඵලදායිව සතුටින් ජීවත් වීමට ඇති හැකියාව මානසික යෝග්‍යතාව ලෙස සලකන අතර එදිනෙදා කටයුතු උපරිම මට්ටමෙන් සිදු කිරීමට යහපත් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීම මාජීය යෝග්‍යතාවය යි.

ශාරීරික මානසික සහ සමාජයීය වශයෙන් යෝග්යතාව යහපත්ව පවත්වා ගැනීමෙන් ලැබෙන වාසි ගණනාවක් පවතී. සෞඛ්‍යවත් ජීවිතයක් ගත කළ හැකිවීම, කාර්යක්ශම බව දියුණු වීම, පෞරුෂය වර්ධනය වීම, ක්‍රීඩා කුසලතා වර්ධනය වීම, ආතතියෙන් තොරව සහ සතුටින් කටයුතු කිරීමේ හැකියාව ලැබීම, අභියෝග වලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය වර්ධනය වීම, යහපත් සම්බන්ධතා ඇතිකර ගැනීම සහ පවත්වා ගැනීම නිසා පවුලට රටට සහ රැකියාවට උපරිම සේවයක් ලබා දිය හැකි වීම, මිතුරන් අතර හොඳ මිතුරෙකු වීම, නායකත්වයට සුදුසු වීම එවැනි වාසි කිහිපයකි. ශාරීරික මානසික සහ සමාජයීය වශයෙන් යහපත්ව සිටී නම් ඔබට සෞඛ්‍යවත් ජීවිතයක් ගතකළ හැකිවේ.

අපගේ එදිනෙදා කාර්යයන් සඳහා උදව් වන ක්‍රියාකාරකම් තුළින් වර්ධනය කරගත හැකි ගුණාංග කිහිපයක් අප ශරීරය තුළ ඇත. ඒවා අප ශාරීරික යෝග්‍යතා ගුණාංග ලෙස හඳුන්වමු. ශක්තිය, වේගය, දරාගැනීමේ හැකියාව, නම්‍යතාවය සහ සමායෝජනය ඒවා වේ. ප්‍රතිරෝධයකට විරුද්ධව යම් කාර්යයක් කිරීමට ඇති හැකියාව ශක්තියයි. යම්කිසි කාර්යයක් අඩු කාලයකින් සිදු කිරීමට ඇති හැකියාව වේගයයි. යම්කිසි කාර්යයක් වැඩි වේලාවක් පහසුවෙන් කරගෙන යාමට ඇති හැකියාව දරාගැනීමේ හැකියාව වශයෙන් හඳුන්වන අතර ක්‍රියාකාරකම්වලදී සන්ධි වැඩි පරාසයක් තුළ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවයි නම්‍යතාව වෙයි. ස්නායු සහ පේශි අතර මනා සම්බන්ධතාවක් තුළින් ගලන දැක්වීමේ හැකියාව සමායෝජනය යි. මෙම යෝග්‍යතා ගුණාංග පුහුණුව මගින් වර්ධනය කළ හැකි අතර විවිධ ආකාරයට පරීක්ෂා කළ හැකි වේ. යෝග්‍යතා ගුණාංග නියමිත අන්දමට පවත්වා ගැනීමට එම පරීක්ෂණ ඉතාමත් වැදගත්.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

3052 Views

Comments

arrow-up