පළමු කොවිඩ් එන්නත 90 හැවිරිදි මිත්තණියකට

ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමගම් එක්ව නිපදවූ කොවිඩ් එන්නත පළමු වරට එක්සත් රාජධානියේ 90 හැවිරිදි මිත්තණියකට ලබා දී තිබෙනවා.
එරට වේලාවෙන් අද (08) දින උදෑසන 8ට පමණ එන්නත ලබා දී ඇත.
එංගලන්තයේ කොවෙන්ට්‍රි නගරයේ පදිංචිකාරිනියක වන මාග්‍රට් කීනන්ට මෙලෙස මුල්ම එන්නත ලබාදී තිබේ.
එසේම ඇගේ 91වන උපන්දිනය ලබන සතියට යෙදී තිබේ.
ඒ අනුව එක්සත් රාජධානිය එරට ජාතික සෞඛ්‍ය සේවය හා එක්ව එරට විශාලතම සහ ඓතිහාසික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇත.
605 Views
Comments