එවරස්ට් කන්ද තවත් උස යයි; චීන - නේපාල ඒකාබද්ධ නිවේදනයක්

ලෝකයේ උසම කන්ද එවරස්ට් කන්ද පෙර නිල වශයෙන් ගණනය කළ ප්‍රමාණයට වඩා මීටර් 0.86 ක් ඉහළ බව නේපාලය සහ චීනය එක්ව නිවේදනය කර තිබෙනවා.
එහි නවතම උස මීටර් 8,848.86 (අඩි 29,032) කි.
මීට පෙර චීනයේ මීටර 8,844.43 ක නිල මිනුමක් දැක්වූ අතර එය නේපාලය දැක්වූ උසට වඩා මීටර් හතරක් පහත් කර තිබුණා.
එවරස්ට් චීනය සහ නේපාලය අතර මායිමේ පිහිටා ඇති අතර කඳු නගින්නන්ට දෙපසින්ම එය තරණය කිරීමට හැකියාව පවතී.
නේපාලයේ විදේශ අමාත්‍යාංශයේ සහ සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ දෙරටේ මිනින්දෝරුවන් නව උස පිළිබඳ එකඟ වීමට සම්බන්ධීකරණය කර ඇති බවයි.
චීන ජනාධිපති ෂී ජින් පිං පසුගිය වසරේ නේපාල අගනුවර වන කත්මණ්ඩු නුවර සංචාරයේදී පෘථිවියේ උසම ස්ථානය මැනීම සඳහා ඒකාබද්ධව නිවේදනය කිරීමේ ගිවිසුම ඇති කර ගැනුණා.
625 Views
Comments