ෆයිසර් - බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතට අනුමැතිය දුන් පළමු රට බවට මහා බ්‍රිතාන්‍යය පත්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

ෆයිසර් - බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතට අනුමැතිය දුන් පළමු රට බවට මහා බ්‍රිතාන්‍යය පත්වෙයි

ෆයිසර් - බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතට අනුමැතිය දුන් පළමු රට බවට මහා බ්‍රිතාන්‍යය පත්වෙයි

ෆයිසර් / බයෝ එන්ටෙක් (Pfizer/BioNTech) කොවිඩ් එන්නත ලබන සතියේ දී එක්සත් රාජධානියේ භාවිතා කිරීම සඳහා අනුමත කර තිබෙනවා.

 

ඒ අනුව කොවිඩ් වයිරසයට එරෙහිව එන්නතක් සදහා බලපත්රද ලබා දුන් පළමු බටහිර රට බවට එක්සත් රාජධානිය පත්ව ඇත.

 

මෙය නිපදවා අැත්තේ එක්සත් ජනපදය පදනම් කරගත් ෆයිසර් සහ එහි ජර්මානු හවුල්කරු බයෝ එන්ටෙක් සහ එක්සත් ජනපදයේ ජෛව තාක්ෂබණ සමාගමක් වන "මෝඩර්නා" විසිනි.

 

ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත සමඟ විශාල ප්ර්තිශක්තිකරණයක් සඳහා මාර්ගය විවෘත කරමින් ලබන සතියේ දී වැඩිහිටියන් සහ සායනිකව අතිශයින්ම අවදානමට ලක්ව සිටින පුද්ගලයින් වැනි ප්ර්මුඛතා කණ්ඩායම්වලට මුලින්ම ලබා දීමට එන්නත් කමිටුව විසින් තීරණය කර ඇති බව බ්රිතතාන්යා සෞඛ්යර අංශ පවසයි.

 

එක්සත් ජනපදය හා යුරෝපය විසින් ගනු ලබන තීරණ වලට පෙර මෙම එන්නත හදිසි භාවිතය සඳහා ඔෟෂධ හා සෞඛ්යන නිෂ්පාදන නියාමන අධිකාරිය (MHRA) විසින් අවසර දී ඇත. බ්රෙෞක්සිට් වලින් පසු එක්සත් රාජධානියේ ඔෟෂධ අනුමත කිරීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරනු ලබන විශේෂ රෙගුලාසි යටතේ එන්නත අනුමත කිරීමට නියාමන අධිකාරිය වෙත බලය ලබා දී ඇත.

 

එන්නතෙහි පළමු මාත්රාඑව ඉදිරි දිනවලදී පැමිණෙන බව සමාගම පවසයි.

 

එක්සත් රාජධානිය විසින් එන්නත මිලියන 40 ක මාත්රාවවක් මිල දී ගෙන ඇති අතර, එහි අවසාන අත්හදා බැලීම් වලදී 95% ක කාර්යක්ෂමතාවයක් ඇති බව පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

 

 

 

views

444 Views

Comments

arrow-up