ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ආසියාවේ අනුමත කළ මුල්ම රට සිංගප්පූරුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ආසියාවේ අනුමත කළ මුල්ම රට සිංගප්පූරුව

ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ආසියාවේ අනුමත කළ මුල්ම රට සිංගප්පූරුව

Pfizer Inc and BioNTech SE’s කොරෝනා වයිරස් එන්නත භාවිතා කිරීමට සිංගප්පූරුව අනුමත කර ඇති අතර මෙම ඒන්නත අනුමත කළ පළමු ආසියානු රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා.

 

මාසය අවසානයේදී පළමු නැව්ගත කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර එම කාලය වන විට වෛරස් මර්දනයේ අවසන් අදියර කරා ගමන් කිරීමට ද සැලසුම් කර තිබේ.

 

අනෙකුත් එන්නත් ඉදිරි මාසවලදී සිංගප්පූරුවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය (අගමැති) හියන් ලූං ඊයේ කළ කතාවක සඳහන් කළා.

 

ලබන වසරේ තුන්වන කාර්තුව වන විට රට සැමට ප්‍රමාණවත් තරම් ඒන්නත් පැමිණෙනු ඇති බවයි අග්‍රාමාත්‍ය ලී කියාසිටියේ.

 

මේ අතර, සිංගප්පූරුව දෙසැම්බර් 28 වනදා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන සීමාවන් තවදුරටත් ලිහිල් කරනු ඇති අතර, එක්රැස් වීමට ඉඩ දී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5 සිට 8 දක්වා පුළුල් කරයි.

 

එන්නත් සඳහා රට ඩොලර් බිලියන 1 කට (RM3.04) වෙන් කර ඇති බව ලී කියාසිටියා.

 

ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ලබාගත් පළමු රටවල් අතර සිංගප්පූරුව ද සිටින බව ලී පැවසීය.

 

මෙම ඔෟෂධය එක්සත් රාජධානියේ සහ කැනඩාවේ දැනටමත් අනුමත කර ඇති අතර මෑතකදී එක්සත් ජනපදයේ හදිසි අනුමැතිය ලබාගෙන ඇති අතර එය ලොව පුරා මිලියනයකට අධික ජනතාවක් ඝාතනය කළ වසංගතයක් අවසන් කිරීමට උපකාරී වන විද්‍යාත්මක වේගයක් සලකුණු කරයි.

 

 

 

views

459 Views

Comments

arrow-up