දකුණු කොරියාවට යළි හදිසි තත්වයක්

දකුණු කොරියාවෙන් පසුගිය පැය 24 තුළ නව කොරොනා වයිරස් ආසාදිතයින් 1,030 ක් වාර්තා වීමත් සමඟ, එරට දිනකදී වාර්තා වන වැඩිම අගය දෙවන දිනටත් සටහන් වනවා.
තම රට “හදිසි තත්වයකට” මුහුණ දී සිටින බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් පරීක්ෂණ සහ ප්‍රතිකාර ශක්තිමත් කිරීමට උපදෙස් දුන් බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් පවසනවා.
භෞතික දුරස්ථ නීති තවදුරටත් දැඩි කරීමටයි බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.
නව රෝගීන් 1,002 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති බව කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සිය (KCDA) පවසයි.
මෙම සංඛ්‍යාවත් සමඟ දකුණු කොරියාවේ මුළු ආසාදන 42,766 ක් වන අතර මරණ 580 කි.
අාශ්‍රිතයින් සොයා ගැනීම සහ පරීක්ෂා කිරීම දැඩි ලෙස ක්‍රියාත්මක වන්නේ අගුලු දැමීමකින් තොරවයි.
තුන්වන ආසාදන රැල්ල දිගටම පැවතුනහොත් ජාතියේ ඉහළම මට්ටමට දුරස්ථ සීමා කිරීම තවදුරටත් නොවැළැක්විය හැකි බව අගමැති චුන්ග් සයි-කියුන් කියා සිටිනවා
සෝල් හි දැනට 2.5 මට්ටමේ සීමාවන් යටතේ පවතින අතර රාත්‍රී සමාජශාලා වසා දමා, රාත්‍රී 9 න් පසු බෙදාහැරීම් සහ රැගෙන යාම පමණක් සැපයීමට අවන්හල්වලට අවසර ඇත.
මට්ටම් පහෙන් 3 වන මට්ටමේ සිට, පාසල්වලට දුරස්ථ ඉගෙනුම් වෙත මාරු වීම, කාර්යාලවල අත්‍යවශ්‍ය සේවකයින්ට පමණක් ඉඩ දීම සහ 10 කට වැඩි පිරිසකගේ රැස්වීම් තහනම් කිරීම අවශ්‍ය වේ.
609 Views
Comments