ජිම් යන අලුත්ම ක්‍රමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

ජිම් යන අලුත්ම ක්‍රමය

ජිම් යන අලුත්ම ක්‍රමය

Covid-19 යනු අප ජීවත් වන, වැඩ කරන හා ක්‍රීඩා කරන ආකාරය වෙනස් කිරීමට මඟපෑදීමකි. ශාරීරික යෝග්‍යතා සහ ව්‍යායාම ලෝලීන් අතර ඉතාප්‍රකට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛතම ශාරීරික යෝග්‍යතා දාමය වන පවර් වර්ල්ඩ් ජිම්ස් යළිත් වරක් ශාරීරික යෝග්‍යතා කර්මාන්තය නැවත පණගන්වන්නේ තාක්ෂණයත් සමඟයි. ඒ අනුව ප්‍රෝසෝන් ජංගම දුරකතන යෙදවුම පාරිභෝගිකයන් හට පවර් වර්ල්ඩ් ජිම් සේවා භාවිත කරන ආකාරයට ගෙවීමට හැකි පහසුව හඳුන්වා දුන් අතර ඉන් නොනැවතී තවත් සේවා රැසක් ප්‍රෝසෝන් යෙදවුම හරහා හඳුන්වා දීමට පවර් වර්ල්ඩ් ජිම්ස් කටයුතු කරමින් සිටී. ඒ අනුව දැන් ප්‍රෝසෝන් යෙදවුම භාවිත කරන ඔබට කාය වර්ධන මධ්‍යස්ථාන පමණක් නොව තවත් විනෝදාස්වාද ක්‍රියාදාම හා ක්‍රීඩා ක්‍රියාකාරකම් රැසකට යෙදවුම හරහා පිවිසීමට හැකියාව ඇත.


ශරීර සුවතාව සම්බන්ධයෙන් උපරිම නිදහසක් අත්විඳීමට අවස්ථාව ගෙන එන ප්‍රෝසෝන් යෙදවුම හරහා දැන් ඔබට එක් තැනකට එක් ක්‍රියාකාරකමකට හෝ එක් වේලාවකට කොටු නොවී තමන්ගේ ශරීර සුවතාවයට විවිධත්වයක් එකතු කරගැනීමට අවස්ථාව හිමි වී ඇත.

 

 


ප්‍රෝසෝන් යෙදවුම හඳුන්වා දුන් නව ක්‍රියාකාරකම් අතරට ටැප් රග්බි, එළිමහන් බොක්සිං පන්ති, (high-intensity training (HIT)" සුම්බා, කාන්තාවන්, වැඩිහිටියන්, ආදී වශයෙන් වන එක් එක් කණ්ඩායම් සඳහා යෝග්‍ය ශරීර සුවතා ක්‍රියාකාරකම්, ටෙනිස්, පාපන්දු, බැඩිමින්ටන්, ස්කොෂ්, බාස්කට් බෝල්, පිහිනුම් වැනි ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශය ලබාගැනීමට හැකිය.
එළිමහන් ක්‍රියාකාරකම් කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල උදෑසන 5:30 සිට 7:00 දක්වාත් සවස 5:15 සිට 6:45 දක්වාත් සිදුවන අතර රුපියල් 250 ක් තරම් අවම මිලකින් ආරම්භ වේ.

 

 

ඇප් එක හරහා දෙමාපියන්ට තමන්ගේ දරුවා වෙනුවෙන් හොඳම පුහුණුකරු තෝරා ගැනීමට හැකියාව ඇති අතර සියලු පුහුණුකරුවන්ගේ විස්තර ඇප් එකෙහි අන්තර්ගත නිසා එය ඉතා පහසු වෙයි.ව්‍යායාම් ශාලාවේ පිහිටීම සහ දවසේ වේලාව අනුව පැය එකහමාරක කාල පරාසයක් සඳහා ගාස්තු වෙනස් වේ. ව්‍යායාම් ක්‍ෂේත්‍රයේ සාමාජිකයින්ට එක් ස්ථානයකට පමණක් විශාල වාර්ෂික හෝ කාර්තුමය සාමාජිකත්වය ලබා දීමට අවශ්‍ය වන දින දැන් ගෙවී ගොස් ඇත. ශාරීරික යෝග්‍යතා ආරම්භකයින්ට හෝ ව්‍යායාමයට නැවත යාමට කැමති අයටද ඔබ ගෙවිය යුතු මුදල ඔබම තීරණය කරන්න. පවර් වර්ල්ඩ් ජිම් වල ප්‍රවේශය සහ එය පාලනය කිරීම සඳහා පූර්ණ ක්‍රියාකාරී ඇඟිලි ස්කෑන් සහ කළමනාකරණ මෘදුකාංග, ආරක්ෂාව සඳහා සීසීටීවී අධීක්ෂණය, සුදුසුකම් ලත් සහ පළපුරුදු යෝග්‍යතා උපදේශකයින් සහ කළමනාකරුවන් ඇතුළු අංගයන්ගෙන් සමන්විත වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

288 Views

Comments

arrow-up