වයර් නැති Apple Airpods
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

වයර් නැති Apple Airpods

වයර් නැති Apple Airpods

Airpots උපංගය හරියට දැනට තියෙන දුරකථන headset එකේ වයර් දෙක මුලින්ම කපල දැම්මා වගේ. එහි යටින් තිබෙන ලෝහමය විල්ලෙහි මයික්‍රොෆෝනය බැගින් සවිකර තියෙනවා. මෙහි තිබෙන සංවේදක මගින් එය කනෙහි පැලද සිටිනවාද යන්න හඳුනාගන්නා නිසා එකක් හෝ ගැලෙව්වොත් ගීත වාදනය නවතා අවබල ආකාරයට ගොස් ඒවායේ බැටරි ඉතිරිකරගන්න යොමු වෙනවා. මෙහි සවිබල කාර්යන් සමූහයක් කරන්න හොඳ ගීත ශ්‍රවණ අත්දැකීමක් ලබා දෙන්නට සහ apple උපාංග සමග සම්බන්ධතා පවත්වා ගන්න මෙය සාර්ථක නිමවුමක් වෙනවා. ඒ පිටුපස තියෙන්නේ ඇපල් W1 chip එක. ඊට අවම බැටරි බලයක් හරහා උපරිම කාර්යය ප්‍රමාණයක් කළ හැකි නිසා කාර්යක්ෂමතාවය ඉතාම ඉහළයි.
 

 

 


එයාපෝඩ් සමග ලැබෙන headset රඳවනය හරහා ඒවා ආරෝපණය කරගන්න පුළුවන් වෙනවා. එකකට පැය පහක බැටරි ආයුකාලය බැගින් තියෙනවා. ඔබ headset එකට කනේ පැළඳගෙන ඇඟිල්ලෙන් තට්ටු කළ වහාම එහි මයික්‍රෆෝන ක්‍රියාත්මක වී අදාල පුද්ගලයා සමඟ කතා කරන්න අවස්ථාව ලැබෙනවා. සමහර අවස්ථාවන්වලදී ඔබ ඉන්නේ සෙනග සිටින ශබ්දය වැඩි ස්ථානයකද යන්න ඊට අදාළ වන්නේ නැහැ. මොකද ඔබේ කටහඬ ඉතා සියුම්ව හඳුනාගන්නට එය සමත් වෙනවා. දුරකථන ඇමතුමක් ඔබට වන විට ඊට පිළිතුරුදීමට කරන්න අවශ්‍ය වන්නේ පොඩි තට්ටුවක් දැමීම පමණයි. Apple සමාගම විසින් මෙය හදුන්වාදීමේ උත්සවයට සහභාගීවීමට පැමිණි පුද්ගලයන් අතරින් සමහරු පවසා සිටියේ ඇතැමුන්ට මේවා කනෙහි රඳවාගෙන හිස එහෙම කරද්දී ඇතැම් අවස්ථාවන්වලදී එය කනෙන් ගිලිහී වැටෙන බව. ඒ නිසා මේවා ඉතා පහසුවෙන් නැතිවීමේ ඉඩකඩ තිබෙනවා. වගේම ව්‍යායාම කරන අතරතුර පැළඳ ගෙන සිටීම එතරම් නුවණට හුරු වන්නේ නැහැ. නමුත් මේ උපකරණය හරහා හෙඩ් සෙට් එකක වයර් නිසා ඇතිවන අපහසුතාවයන් හරවාගන්න උපකාරී වෙනවා. iphone 7 දුරකථනය headphone jack එකක් නැතිව නිපදවා තියෙනවා. ඒ නිසාම මුල් අවස්ථාවේ බොහෝ දෙනෙක් මත පළ කළේ ඇපල් සමාගම මේ තීරණයට එළඹෙන වත් එක්කම එම දුරකථන සඳහා රැහැන් රහිත headset පැමිණෙනු ඇතැයි කියලා. එම දුරකථන සමග ලැබඟ ලැබුණේ wire හරහා ක්‍රියාකරන lighting airports නම් වූ headset එකක්. කොහොම නමුත් ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන්නට යෙදුනු මේ අලුත් Airpod උපාංගය බ්ලූටූත් තාක්ෂණය හරහා සම්බන්ධ වන අතර ඉන් සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් නව මං විවර කිරීමට මෙම වෙළඳපල නිපැයුම සමත්ව තියෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

305 Views

Comments

arrow-up