අලුත්ම Huawei FreeBuds 3i
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

අලුත්ම Huawei FreeBuds 3i

අලුත්ම Huawei FreeBuds 3i

නිරන්තරයෙන් Huawei සමාගම නව නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සමත් වෙනවා. ඒ අනුව මෑතකදී ඉදිරිපත් කළ තවත් නිර්මාණයක් පිළිබඳ මෙමගින් විස්තර කෙරේ. Huawei විසින් මෑතකදී වෙළදපොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයන් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි. අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳපොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම උපාංගයක් ලෙස හැඳින්විය හැකිය.


දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී බොහෝ දෙනෙකුට ගැටලුවක්ව පවතින බාහිර ශබ්ද අවම කිරීමේ ගැටලුවට කදිම පිළියම් සපයමින් Huawei FreeBuds 3i වෙත ද්විත්ව සහ ත්‍රිත්ව මයික්‍රෆෝන් ශබ්ධ අවම කිරීමේ විශේෂාංගය ඇතුළත් කර ඇති අතර ඒ හරහා 32dBක් දක්වා බාහිර ශබ්ධ අවම කිරීමට හැකියාව පවතී. වෙනත් තරඟකාරී නිෂ්පාදන හා සැසඳීමේ දී මෙය ඉතා ඉහළ බාහිර ශබ්ධ අවම කිරීමේ අගයකි. මේ හරහා පරිශීලකයාට වඩාත් පැහැදිළි ලෙස ඇමතුම් ලබා ගැනීමේ ඉඩකඩ හිමි වේ. ඔබට ඝෝෂාකාරී පරිසරයක සිට වැඩ කිරීමට හෝ විවේකීව සිටීමට අවශ්‍ය නම්, ඔබට අනිවාර්යයෙන්ම FreeBuds 3i ANC මාදිලියේ තබා ගැනීමට අවශ්‍ය වනු ඇත. එවිට ඔබ සංගීතයට සවන් දෙන විට, ශබ්දය ඉහළ මට්ටමක තබා ගැනීමට ඔබට අවශ්‍ය නොවන අතර එය ඔබේ ශ්‍රවණ සෞඛ්‍යයට ඉතා හිතකර වේ. මෙම උපාංගය SBC සහ AAC කෝඩෙක්ස් සඳහා සහය දක්වයි. අඩු දත්ත හුවමාරුව සඳහා ශ්‍රව්‍ය ගුණාත්මකභාවය කැප කරමින් SBC යනු වඩාත් මූලික බ්ලූටූත් කෝඩෙක් ය. මේ අතර, AAC යනු වඩා හොඳ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් ලබා දෙන වඩා දියුණු කෝඩෙක් එකක් වන නමුත් එය සැබවින්ම සුදුසු වන්නේ ඇපල් උපාංගවල භාවිතය සඳහා පමණි. ඇන්ඩ්‍රොයිඩ් උපාංග මෙම කෝඩෙක් සමඟ නොගැලපෙන ලෙස ක්‍රියා කරයි.
 


Huawei FreeBuds 3i පවතින තවත් සුවිශේෂී අංගයක් ලෙසින් smart touch control ක්‍රමවේදය හැඳින්විය හැකිය. ඒ හරහා FreeBuds 3i උපාංගය ස්පර්ශ කිරීමේදී, පරිශීලකයන්ට ශබ්දය අඩු වැඩි කිරීම මෙන්ම එය සක්‍රිය හෝ අක්‍රිය කිරීමද සිදු කළ හැකිය. වෙළඳපලේ ඇති සෙසු නිෂ්පාදනවලට නිෂ්පාදන වලට සාපේක්ෂව මෙහි දක්නට ලැබෙන සුවිශේෂී ගුණාංග නිසාම නිසාම දැනටමත් Huawei FreeBuds 3i සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව වාර්තා වේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

291 Views

Comments

arrow-up