ස්කයි ඩ්‍රයිව් වෙතින් පියාඹන මෝටරථයක්

ස්කයි ඩ්‍රයිව් සිය පළමු මිනිසුන් සහිත මූලාකෘතිය සාර්ථකව දියත් කර ඇති අතර 2023 දී පියාසර මෝටර් රථය යථාර්ථයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇත. ඔවුන් සැකසූ පියාඹන මෝටර් රථය පොළවට ඉහළින් ධාවනය කිරීමට එහිදී හැකියාව ලැබිණි.
“ලෝකයේ පියාඹන මෝටර් රථ පිළිබඳව මේ වනවිට පර්යේෂණ ව්‍යාපෘති 100ක් පමණ ක්‍රියාත්මක වෙනවා. එයින් අතලොස්සක් පමණ ව්‍යාපෘතිවලදී විතරයි, මිනිසෙක් නංවාගෙන එය පොළොවෙන් ඉහළ ගමන්කිරීමට අවස්ථාව සැලසුණේ. මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ පියාඹන මෝටර් රථ පදවන්න ආසා හිතේවි” යැයිද කීය.
පොළොවේ සිට මීටරයක්-මීටර් 2ක් පමණ ඉහළින් සීමිත ප්‍රදේශයක මිනිත්තු 4ක පමණ කාලයක් මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීමට එය පැදවූ තැනැත්තාට හැකිවිය.
ස්කයි ඩ්‍රයිව් ආයතනයේ මෙම කටයුත්ත බාර ප්‍රධානියා වන ටොමොහිරො ෆුකුසාවා මහතා පැවසුවේ, මෙකී පියාඹන මෝටර් රථ 2023 වසර වනවිට සැබෑ ලෝකයට ගෙනඒමට හැකිවනු ඇති බවයි. නමුත් එය ආරක්ෂිතව සැකසීම තරමක් දුෂ්කර කාර්යක් බවද ඔහු කියාසිටී.
විද්‍යුතයෙන් ක්‍රියාකරන, බාගත කළ හැකි සහ පියාසර කළ හැකි පහසුකම් සහිත මෙම මෝටර් රථ, රථවාහන තදබද සඳහා කදිම පිළියමක්ද වන්නේය. එක් එක් පුද්ගලයාට තනි වශයෙන් එය ධාවනය කළහැකි බැවින්, යානාව මෙහෙයවන්නකු වෙනුවෙන් වියදමක් දැරීමට සිදුනොවේ. මෙම යානය පවර්ට්‍රේන් ලෙස නම් කර ඇති අතර එයට විදුලි මෝටර සවි කර ඇති අතර එයට විවිධ භ්‍රමක අටක් වෙන වෙනම ස්ථාන හතරක යොදවා ඇත. මෝටර අටක් භාවිතා කිරීම හදිසි අවස්ථා වලදී පවා ආරක්ෂාව සහතික කිරීමේ මාධ්‍යයකි. එවිට එන්ජින් ක්‍රියාවිරහිත වීමක් වැනි අවස්ථාවකදී අනතුරු සිදුවීමේ අවදානම පහළ යනු ඇත.
මේ වනවිට ස්කයි ඩ්‍රයිව් ආයතනය සැකසූ පියාඹන මෝටර් රථය පියාසර කළ හැක්කේ, මිනිත්තු 10ක පමණ කාලයක් පමණි. නමුත් චීනය වැනි විශේෂඥයන් සිටින රටවල පිරිස එය තවදුරටත් වර්ධනය කළහොත් මිනිත්තු 30ක් පමණ කාලයක් පියාසර කළ හැකි වනු ඇති බව ටොමොහිරො මහතා පෙන්වාදෙයි.
ලෝකයේ කුඩාම විදුලි VTOL නැතහොත් සිරස් අතට ගැනීම සහ ගොඩබෑම ලෙස නම් කර ඇති SD-03 අඩි 13 ක් දිග සහ පළල සහ අඩි 6.5 ක් පමණ උසින් යුක්ත වේ. මෙයින් අදහස් කරන්නේ මෙම පියාඹන මෝටරථය නවතා ඇති කාර් දෙකක් තරම් භූමියේ ඉඩ ප්‍රමාණයක ඉඩකඩක් ගන්නා අතර එය නගර භාවිතය සඳහා සුදුසුම ප්‍රමාණය බවට පත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කෙරේ.
by Dilki Shamani
Photo source : Internet
307 Views
Comments