තුර්කියේ නිපදවූ නවතම මෝටර් රථය

තුර්කි කියන්නේ සාමාන්‍ය වාහන හදලා පුරුදු රටක් නොවේ. මීට කලින් එහි වාහන කර්මාන්තයක් තිබුණෙත් නැහැ. තුර්කිය කාර් එකක් නිර්මාණය කරා කිව්වොත් ඔබ හිතන්නේ එය වෙනත් රටක සමාගමක් සමඟ එකතු වෙලා ඔවුන්ගේ නිෂ්පාදනයක් ලෙස එළි දක්වපු එකක් විදියටද? නෑ ඇත්තටම මේ කාර් එක සම්පූර්ණ තුර්කි නිෂ්පාදනයක්.
පසුගිය වසරේ දෙසැම්බර් 27 වැනිදා තුර්කියේදී මේ වාහනයේ prototype එක නිල වශයෙන් හඳුන්වාදීම සිද්ධ වුණා. මේ අවස්ථාවට තුර්කිය ජනාධිපති පවා සහභාගි වුණා. තුර්කියේ කාර් නිෂ්පාදනය ආරම්භ කරන එක ගැන ජනාධිපතිතුමා වසර ගණනාවක් තිස්සේ උනන්දු වුණා. වාහන හදන සමාගමේ නම Turkiye'nin Otomobile Girisim Grubu යන වචනයේ මුල් අකුරු එකතු කරලා හදපු TOGG කියන බැජ් එකෙන් තමයි මේ වාහන එළියට දාන්නේ. දැනට මේක ඇමරිකානු ඩොලර් බිලියන 37 ක විතර ආයෝජනයක්. ඉදිරියේදී මාදිලි පහකින් අවුරුද්දකට වාහන 175 000ක් පමණ නිෂ්පාදනය කරන එකටම ඔවුන්ගේ සැලසුම වෙලා තියෙනවා. අනාගතයේ දී දේශීය වෙළඳපොළට විතරක් නෙමේ විදේශ වෙළඳපලට පවා වාහන යවන්න සැලසුම් කරල තියන බව ඔවුන් පෙන්වා දෙනවා. ඉන් ඔවුන් තුර්කියට අවුරුදු පහළොවක් ඇතුළත ඩොලර් මිලියන 50 ක දායකත්වයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. TOGG C SUV වාහන වල battery electric කා වල battery electric පද්ධතිය සම්පූර්ණයෙන්ම TOGG ඉංජිනේරුවන්ගේ හපන්කමක්. බේස් මොඩල් එක තනි ඉලෙක්‍ට්‍රික් මෝටරයක් තියෙන 200bhp බලයක් සහිත එකක්. වාහනය ඇතුළත නිමාව විශේෂාංග සහ පහසුකම් බොහෝ නැවුම් සහ සුවිශේෂී. prototyping පෙනෙන හැටියට නම් වාහනේ ඇතුලත හරියට ගුවන්යානයක cockpit එකක් වගෙයි. ඒ වගේම වාහන රියැදුරාට බොහොම සුරක්ෂිත සුවිශේෂී අත්දැකීම් ලබා දෙන්න හොලෝග්‍රැෆික් තාක්ෂණයත් හඳුන්වාදී තියෙනවා. මෙය මේ සමාගමටම ආවේණික තාක්ෂණයක්. මේ තාක්ෂණය නිසා රියැදුරාට පාරෙන් ඇස් ඉවතට ගන්නේ නැතුව වාහනේ ගමන් කරන ආකාරය සම්බන්ධ තොරතුරු display එකක දැකගන්න පුළුවන් වෙනවා. කොහොමත් රටක් කාර් කර්මාන්තය වගේ දැවැන්ත කර්මාන්තයකට අලුතින් පිවිසෙනකොට අභියෝග රාශියක් මතු වෙනවා. ඒ අභියෝග කොච්චර කාර්යක්ශම විදිහට ජයගන්නවාද කියන එක මත ඒ රටේ අදාළ කර්මාන්තයේ අනාගතය තීරණය වෙනවා. ලෝකය වේගයෙන් ඉලෙක්ට්‍රික් වාහන දිහාට හැරෙමින් ඉන්න කාලෙක තුර්කිය මුලින්ම සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජිමක් තියෙන වාහනයක් හදන්න උත්සාහ කරන්නේ නැතිව electirc වාහනයක් හදන්න පෙළඹෙන එක අගය කළ යුතු කාරණයක්.
by Dilki Shamani
Photo Source: Internet
367 Views
Comments