නොනැසී පවතින වොයෙජර් යානා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

නොනැසී පවතින වොයෙජර් යානා

නොනැසී පවතින වොයෙජර් යානා

අභ්‍යවකාශ ගවේෂණය සඳහා ලොව පුරා රටවල් දැඩි අවධානය යොමු කරමින් සිටිනවා. අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක ගවේෂණයේ යෙෙදමින් සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය මිනිසා නිර්මාණය කළ පළමු සහ එකම යානා වන්නේ වොයේජර් 1 සහ 2 ය. මෙම යානා ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවන්ගේ විස්මිත නිර්මාණයකි. මේ යානා නිර්මාණය සිදුවූයේ මිනිසා සඳ තරණයත් සමඟ 60 සහ 70 දශකයේය. ඒ එදා පැවැති තාක්ෂණය යොදා ගනිමිනි.

 

‘වොයේජර් 1’ යානය, 1977 වසරේ සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් නික්ම ගියේය. 1979 දී ‘වොයේජර් 1’ බ්‍රහස්පති අසලින් ගියේ බ්‍රහස්පතිගේ වැදගත් දත්ත රැසක් අප වෙත එවමින්. ‘වොයේජර් 1’ මෙන් නොවෙයි, ‘වොයේජර් 2’ රොබෝ යානයේ ගමන තරමක් සෙමින් සිදුවෙයි. ‘වොයේජර් 2’ අභ්‍යවකාශ ගත කෙරුණේ ‘වොයේජර් 1’ පිටත්වී සතියකින් වුවත්, ‘වොයේජර් 2’ බ්‍රහස්පති අසලට පැමිණියේ 1979 ජූලි මාසයේය. සෙනසුරු අසලින් ගමන් කරමින් සෙනසුරුගේ දත්ත අපට එවීම කළේ 1981 අගෝස්තු මාසයේදීය. වොයේජර් යානා බෘහස්පතිගේ ගුරුත්ව බලය යොදා ගනිමින්, එම ගුරුත්ව බලයේ වේගයෙන් සෙනසුරු වෙත යෑමට කටයුතු කළේය. 1986 වෙද්දී යානා දෙකම, යුරේනස් සහ නෙප්චූන් පසු කර තිබුණි.

 

මේ මොහොත වනවිට සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය වොයේජර් 1 සහ 2 යානා, විශ්වයේ ඈතට ගමන් කරමින් සිටින බව නාසා කියයි. සූර්ය බලයෙන් පණ ගැන්වෙන යානා 2020 වෙද්දී, අක්‍රීය වනු ඇති බව පැවැසුවත් ඒවා තවමත් හොඳින් ක්‍රියාත්මක බව නාසා ආයතනය පසුගියද අනාවරණය කළේය. ඒ මෙම යානයෙන් රේඩියෝ සංඥා මාර්ගයෙන් අප නොදන්නා ඈත විශ්වයේ දත්ත රැසක් ලැබීමත් සමඟය. වොයේජර් යානා මේ වනවිට ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් බිලියන 12 කට වඩා දුරිනි. ලැබෙන සංඥා මේ වනවිට කෙමෙන් කෙමෙන් දුර්වල වෙමින් පවතින බව ද නාසා විද්‍යාඥයෝ පවසනවා.

 

වොයේජර් යානාවලට ඵලකයක් සම්බන්ධ කර තිබෙනවා. මේ ඵලකයේ නිරුවතින් සිරින මිනිස් සහ කාන්තා රුවක් සිතුවම් කර ඇත. ඊට අමතරව වෝයේජර් යානා තුළ ලෝකයේ සෑම භාෂාවක්ම අඩංගු හඬ පට ඇතුළත් වෙයි. පෘථිවි ජීවින්ගේ හඬ පට ද ඇතුළත් වෙයි. විශ්වයේ ඈත කෙළවර අපට වඩා බුද්ධිමත් ජීවින් පිරිසක් සිටින්නේ නම්, පෘථිවියේ අප සිටිනවා බව ඇඟවීම මෙහි අරමුණ වෙයි. එසේ ජීවත් වන පිරිසක් වේ නම් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වනු ඇති බව විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.

 

 

 

 

 

 

 

 

 

By : Sachini Sooiyaarachchi

Photo Source : Internet

views

782 Views

Comments

arrow-up