මූලික විදුලි උපාංග - 1
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

මූලික විදුලි උපාංග - 1

මූලික විදුලි උපාංග - 1

විදුලි කෝෂ

 

විදුලි ශක්තිය පිළිබඳව විවිධ අත්දැකීම් අනාදිමත් කාලයේ සිටම මිනිසා අත්විඳ ඇති නමුත් එම ශක්තිය තමන්ගේ වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා 18 වන සියවසේ පමණ සිට යොදා ගනු ලැබුවා .විදුලි ශක්තිය වෙනත් ඕනෑම ශක්තියකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි නිසා භාවිතය වැඩි වී පවතිනවා .එසේම එදිනෙදා කාර්යයන් පහසු කරගැනීම සඳහා එම ශක්තිය පාලනය කර යොදා ගැනීමට නම් ඒ පිළිබඳ මූලික දැනුමක් අවශ්‍ය වේ .ඒ අනුව මෙම ලිපිය තුළ මූලික විදුලි උපාංගයක් වන විදුලි කෝෂය පිළිබඳව කතා කරමු .

 

විදුලි කෝෂ

 

ඒකාකාර විදුලි ධාරාවක් ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් විදුලි කෝෂ යොදා ගන්නවා විදුලි කෝෂ විදුලි ප්‍රභවයක් එනම් විදුලිය උපදවන උපාංගයක් වේ .විදුලි කෝෂයක් පරිපථයකට සම්බන්ධ කර ඇති විට එහි බාහිර පරිපථය ඉලෙක්ට්‍රෝන සෘණ අග්‍රයේ සිට ධන අග්‍රයට ගලන නමුත් විදුලි ධාරාව ගැලීම ගැනීමේ සම්මත දිශාව වන්නේ ධන අග්‍රයේ සිට සෘණ අග්‍රය වෙත යැයි සලකනු ලැබේ විදුලි කෝෂ දක්වන සංකේතයේ හි එහි දිගින් වැඩි රේඛාව ධන ලෙස ද දිගින් අඩු රේඛාව ද ඍණ ලෙස ද නිරූපණය කරයි.

 

විදුලි කෝෂ අඩංගු වන රසායනික ශක්තිය විදුලි ශක්තියට පරිවර්තනය වීමෙන් පසු ධාරිතාව මනිනු ලබන්නේ ඇම්පියර පැය(Ah) වලිනි.ධාරිතාව සහ භාවිතා කරන රසායන ද්‍රව්‍ය අනුව විදුලි කෝෂ වර්ග කළ හැකි ය විදුලි කෝෂ ලෙස හැඳින්වෙන්නේ ද්‍රව ලෙස පවතින රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොවන විදුලි කෝෂය වේ.විදුලි කෝෂ පරිපථයකට සම්බන්ධ වී නොමැති විට එහි අග්‍ර දෙක අතර විභව අන්තරය කෝෂයේ විද්‍යුත් ගාමක බලය ලෙස හැඳින්වෙනවා .බහුලව භාවිතා කරන විදුලි කෝෂ කිහිපයක් පහත දැක්වේ. සින්ක් කාබන් කෝෂ - 1.5 V නිකල් කෝෂ -1.2V

නිකල් කැඩ්මියම් කෝෂ - 1.2V

ඊයම් අම්ල කෝෂ - 2V

ලිතියම් කෝෂ -3V

ලිතියම් අයන කෝෂ -3.7V

රසදිය කෝෂ -1.4V

ලිතියම් ෆොස්පේට් - 3.3V

ම’කරි ඔක්සයිඩ් - 1.5V

ම’කරි ඔක්සයිඩ් ,සිල්වර් ඔක්සයිඩ් ,ලිතියම් සහ රසදිය කෝෂ බොත්තම් ආකාරයට නිර්මාණය කර ඇත බොහෝ විදුලි කෝෂවල ධන අග්‍රය ලකුණු කර ඇත විදුලි කෝෂවල විශාලත්වය හැඩය හා ධාරිතාව අනුව ඒවා විවිධ කේත මගින් දක්වනු ලැබේ නිදසුනක් ලෙස සින්ක් කාබන් වියලි කෝෂ AAA,AA,C හා D යන වර්ගයන් ගෙන් ලබාගත හැකිය .මෙසේ සින්ක් කාබන් වියලි කෝෂ වර්ගීකරණය ධාරිතාව හා ඒවා භාවිතා වන ක්‍රම පහත දැක්වේ.

 

AAA- 500 mAh :- දුරස්ථ පාලක වැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා කරවීම සඳහා භාවිතා කරයි.

AA - 1500mAh :- බිත්තිය ඔරලෝසු වැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා භාවිතා කරයි.

C- 5000mAh :- සංගීත උපකරණ වැනි මධ්‍යම ප්‍රමාණය උපකරණ ක්‍රියා කර වීම සදහා භාවිතා කරයි.

D - 9000mAh :- විදුලි පහන් මෝටර් වැනි උපකරණ සඳහා භාවිතා කරයි.

 

මේ විදුලි කෝෂ පිළිබඳ මූලික කරුණු කිහිපයකි.මේ තුළින් ඔබට ඒ ඒ අවශ්‍යතාව පරිදි විදුලි කෝෂ ලබා ගැනීමට හැකි ලබා ගැනීමට හැකි වේවි.

 

 

 

 

 

 

 

 

 

By - Dilki Shamani

Photo Source - Internet

views

966 Views

Comments

arrow-up