අකුරු නිවැරදි කරන පෑන
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

අකුරු නිවැරදි කරන පෑන

අකුරු නිවැරදි කරන පෑන

මේ වනවිටත් ඩිජිටල් පෑන් භාවිතය සිදුවෙනවා. ඒවායින් කෙරෙන්නේ, අඳින හෝ ලියන හෝ කිසිවක් ඒ චලනයන් උපයෝගී කරගෙන හඳුනාගෙන ඒවා පරිගණක තිරයක් මතට පතිත කරවීම හෝ පරිගණකයේ වෙනත් කාර්යයකට යොදා ගැනීම පමණය. එවැනි පෑන්වලට ඒ කාරිය සඳහා අතිරේක උපාංග හෝ විශේෂ කඩදාසි වැනි වෙනත් දෑ අවශ්‍ය වෙනවා. මේ සූදානම් වෙන්නේ ඊටත් වඩා දියුණු කළ පෑනක් ගැන කියන්න.

 

නිවැරදි ලෙස අක්ෂර වින්‍යාසය හුරුකරවන අපූරු පෑනක් ජර්මන් නව නිපැයුම්කරුවන් දෙදෙනකු විසින් නිපදවා ඇත. අකුරු හරියට ඉගෙනගන්න උදවු කරන මෙම පෑන නම් කර ඇත්තේ ලර්න්ස්ටිෆ්ට් යනුවෙනි. ජර්මන් බසින් එහි අරුත ඉගෙන ගන්නා පෑන යන්නයි. මේ පෑන තුළ ක්ෂුද්‍ර පරිගණකයක් හා විශේෂ සංවේදකයක් සවි කර ඇත. එය, අකුරු ලියද්දී, අතේ සිදුවන චලනය හඳුනාගෙන අකුරේ හැඩය තේරුම්ගත හැකි සංවේදකයකි. වැරදි අකුරක් ලිව්වොත් පෑන Vibrate වෙන්න පටන් ගන්නවා.

 

මේ පෑන තුළ වයි-ෆයි උපාංගයත් ඇතුළත් කර තියෙනවා. ඒ නිසා මේ මගින් ලියන දේ ස්මාට් ෆෝන් එකකට හෝ පුද්ගලික පරිගණකයකට රැහැන් රහිතව එසැණ යැවීමත් කළ හැකියාව ලැබෙනවා. එනම්, මෙයින් ලියන ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ‘අප්ලෝඩ්’ කිරීමටත් දුරස්ථව සිටින අයකුට අකුරු ලියන අයුරු කියාදීමත් කළ හැකියි.

 

ලර්න්ස්ටිෆ්ට් පෑන තුළ ඇත්තේ බැටරියකින් පණගැන්වූ ලිනක්ස් ක්‍රමයේ ක්ෂුද්‍ර පරිගණකයක්. චලනය හඳුනා ගත හැකි සංවේදකය සහ ‘වයි-ෆයි’ උපාංගයට අමතරව කම්පන මොඩියුලයක් අක්ෂර වින්‍යාසයත් අක්ෂර ලේඛනයත් ක්‍රියාත්මක කරන්න යතුරක් ද පෑනට ඇතුළත් කර තිබෙනවා. අනාගතයේදී මේ පෑන වැඩි දියුණු කොට ව්‍යාකරණ වැරදි පෙන්වා දිය හැකි තත්ත්වයට ගෙනෙන බව මෙය සැලසුම් කළ ෆෝක් වොල්ස්කි සහ ඩැනියෙල් කේස්මාකර් පවසන්නේ. මෙම පෑන පිළිබඳ අදහස මුලින්ම ආවේ වොල්ස්කිගේ බිරිඳටය. ඇය පුතුට ගෙදර වැඩ කියා දෙද්දී අකුරු පිළිබඳ යම් යම් ගැටලු මතු වී තිබේ. ඇය ඒ ගැන සැමියාගෙන් ඒ පිළිබඳ විමසද්දී ඔහුගෙන් අසා ඇත්තේ, ඒ සඳහා මෙවලමක් තනන්න බැරිද කියල්ස. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ඩිජිටල් පෑන නිපදවීම සිදුවෙලා තියෙනවා. ලර්න්ස්ටිෆ්ට් පෙර නිර්මාණ සියල්ලටම වඩා වෙනස් බව නිර්මාණකරුවෝ පවසනවා. එහි භාවිත වෙන්නේ වෙනත් තාක්ෂණයක්. ඒ තුළ පරිගණක මෘදුකාංගයක් රඳවා ඇත. ලිනක්ස් ක්‍රමය යෙදූ පරිගණකය සාමාන්‍ය පීසී සහ ලැප්ටොප්වල භාවිතයට යොදාගන්නා මාදිලියේම ඉතා කුඩා එකක් යැයි පැවැසෙනවා.

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

312 Views

Comments

arrow-up