දුරකථනයෙන් පරිගණකය හසුරුවන Mouse server
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

දුරකථනයෙන් පරිගණකය හසුරුවන Mouse server

දුරකථනයෙන් පරිගණකය හසුරුවන Mouse server

Wireless යතුරු පුවරු සහ mouse යොදාගෙන පරිගණකයෙන් වැඩ කරනවා වෙනුවට android smartphone එකක් හෝ වෙනත් android උපාංගයක් යොදාගෙන පරිගණකය හසුරුවන්න පුළුවන්. මෙය කරනු ලබන්නේ පරිගණකයේ සහ ඇන්ඩ්රොයිඩ් උපාංගයේ ඊට අදාළ app එකක් install කරගත ගැනීමෙන්. ඊට හොඳම හොදම ඇප් එකක් තමයි mouse server කියන්නේ. එය පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න කොට ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ install කරගත යුත්තේ wifi mouse app එක.


google play store වෙබ් අඩවිය වෙත ගොස් wifi mouse ලෙස ටයිප් type කර search කළ විට මෙය හොයාගන්න පුළුවන්. එය install කරගත් mouse server වැඩසටහන ක්‍රියාත්මක කළ විට අයිපී ලිපිනය පෙන්වනවා. android උපාංගය හරහා මවුස් පොයින්ට් එක හැසිරවීමට මෙම අයිපී ලිපිනය දුරකථනයේදී භාවිතා කළ යුතු වෙනවා. මෙසේ server වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබියදී android උපාංගය wi-fi hotspot සක්‍රිය කළ යුතු වෙනවා. මෙසේ දුරකථනයේ wi-fi hotspot එක සක්‍රිය කිරීමෙන් අනතුරුව පරිගණකයේ system tray එක මත නෙට්වර්ක් කනෙක්ෂන් එක තෝරාගෙන android උපාංගයට අදාල වයිෆයි සක්‍රිය කරගන්න පුළුවන්. දැන් android උපාංගය හරහා wifi mouse app එක ක්‍රියාත්මක කළ යුතුයි. එවිට ලැබෙන තිරයේ මත ටෙක්ස්ට් බොක්ස් එක තුල පරිගණකය mouse වැඩසටහන සඳහා දාලා අයිපී ලිපිනය ලබාදිය යුතු වෙනවා. ඉන්පසුව go button එක click කල විට touchpad එක වැනි තිරය විවෘත වෙනවා. ඒ මත ඇඟිල්ල ගෙන යමින් පරිගණකයේ mouse pointer එක පාලනය කරන්න පුලුවන්.

 

 


ඒ වගේම යතුරුපුවරු භාවිතා කිරීම සඳහා තිරයේ පහළින් ඇති බට්න් අතරින් කී බෝඩ් එක තෝරාගත යුතු වෙනවා. එවිට විවෘත වෙන යතුරුපුවරුව භාවිතා කර පරිගණකයේ වැඩ කිරීමට පුළුවන් වෙනවා. පරිගණකයේ ඇති ෆයිල් හැසිරවීම සඳහා පහළින් ඇති ෆෝල්ඩර් අයිකන් එක තෝරාගත යුතු වෙනවා. එවිට පරිගණකයේ ඩ්‍රයිව් පෙන්වනවා. ඒ ඔස්සේ ඒවාට පිවිසෙන්න පුළුවන්. වීඩියෝ සහ ඕඩියෝ හැසිරවීම සඳහා පහළින් ඇති play icon එක තෝරා දිය යුතු වෙනවා. එවිට මතුවන වීඩියෝ ඕඩියෝ පාලනය කළ හැකි button භාවිතා කර දුර සිට පරිගණකයේ ඇති audio සහ video පාලනය කරන්නත් හැකියාව ලැබෙනවා. මේ තුළින් හදිසි අවස්ථාවන්වලදී පරිගණකයේ තියෙන තොරතුරු දුරකථනය හරහා පාලනය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එය පුද්ලයන්ගේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට පිටුවහලක් වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

220 Views

Comments

arrow-up