USB වල දත්ත එන්ක්‍රිප්ට් කරන ගිලිසොෆ්ට් USB
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

USB වල දත්ත එන්ක්‍රිප්ට් කරන ගිලිසොෆ්ට් USB

USB වල දත්ත එන්ක්‍රිප්ට් කරන ගිලිසොෆ්ට් USB

Flash drive memory card වැනි පරිගණකයේ USB port හරහා සම්බන්ධ කර දත්ත රඳවා තබා ගන්නට යොදාගන්නා removable storage device හෙවත් USB driver වල ඇති දත්ත අන් අයට ලබා ගත නොහැකි සේ ආරක්ෂා කර තබා ගැනීම data encrypting කිරීම ලෙස හඳුන්වනවා. මෙසේ ඩේටා එන්ක්‍රිප්ට් කිරීම පිණිස විශේෂයෙන් සැකසුණු පරිගණක වැඩසටහන් යොදා ගත යුතුයි. ගිලිසොෆ්ට් USB කියන්නේ එවැනි හොඳ මට්ටමේ data encryption වැඩසටහනක්. වාණිජ වැඩසටහනක් වන මෙහි අත්හදා බැලීමේ සංස්කරණයක් bit.ly/ 3816KLe යන කෙටි වෙබ් ලිපින වෙබ් බ්‍රව්සරය server box එකේ ලියා search කල විට යොමු කෙරෙන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි.
 

 

 


එවිට ලැබෙන setup file එක මත double click කර install වීමට ඉඩ හැරිය යුතුයි. වැඩසටහන install වූ පසුව ඉබේම ඒ වෙත පිවිසෙනවා. මෙහි ඇති USB drive නම් dropdown මෙනු එකෙන් පරිගණකයට සම්බන්ධ කර ඇති USB drive එක පෙන්වන අකුර හෙවත් drive letter එක තෝරා ගත යුතුයි. එවිට පහළින් ඇති create a secure area on the disk යටතේ USB drive එකේ ධාරිතාව දැක්වෙන තීරුවක් පෙන්නනවා.

USB drive එකේ එන්ක්‍රිප්ට් කර භාවිතා කරවීමට බලාපොරොත්තු වෙන ධාරිතාව මෙතනින් තෝරා දියයුතු වෙනවා. USB drive එක ඇතුලත ඇති agent ෆයිල් එක මැකී ඇත්නම් එවිට ආරක්ෂිතව තැබූ දත්ත ලබා ගැනීම සඳහා gilisoft application window එක වෙත පිවිසිය යුතුයි. ඉන්පසුව එහි ඇති recover එක ක්ලික් කළ යුතුයි. එවිට පාස්වර්ඩ් නම් බොක්ස් එක විවෘත වෙනවා. ඒ තුළින් පාස්වර්ඩ් එක ලබාදී log වූ පසු අලුතින් agen ෆයිල් එක සකස්කර දැන් කලින් ආකාරයටම විවෘත කර ආරක්ෂිතව තැබූ දත්ත ඔබට භාවිතා කරන්න පුළුවන්.

USB drive එකේ encrypt කොටස ඉවත් කළ යුතු නම් gilisoft application window එකට පිවිස එහි ඇති uninstall button එක ක්ලික් කළ යුතුයි. එවිට enter password නම් බොක්ස් එක විවෘත වෙනවා. ඒ තුළ කලින් ලබාදී ඇති password එක type කර ඕකේ බට්න් එක මත ක්ලික් කළ විට USB drive එක තුල ඇති encryption සෙටින් සියල්ලම ඉවත් වෙනවා. ඒ සමගම ආරක්ෂිතව තැබූ USB ෆයිල් එක ඒ හැටියටම සාමාන්‍ය USB drive එකේ තිබෙනු දක්නට ලැබෙනවා. අතිශය සංවේදී තොරතුරු පෙන් ඩ්‍රයිව් එකක දමා භාවිතා කිරීමේදී මෙම encryption සේවාව ලබාගැනීම එහි දත්ත වල සුරක්ෂිතභාවය වැඩි දියුණු කරනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

204 Views

Comments

arrow-up