කම්පියුටර් ගේම්ස්- ඇස්ට්‍රල් චේන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කම්පියුටර් ගේම්ස්- ඇස්ට්‍රල් චේන්

කම්පියුටර් ගේම්ස්- ඇස්ට්‍රල් චේන්

කම්පියුටර් ගේම්ස් තුලින් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ තවත් පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධ ක්‍රීඩාවක් ගැන. ඒ ඇස්ට්‍රල් චේන්.

වසර 2078 වන විට වනවිට ලෝකයේ මිනිසුන් වඳ වී යනවා. ඉතිරිව සිටින මිනිසුන් සියළු දෙනා කෘත්‍රිම දූපතක් ඇති දැවැන්ත නගරයක ජීවත් වෙනවා. තාක්ෂණයෙන් දියුණු යුගයක නිමැවුණු මේ නගරය විශාල මෙන්ම ජනාකීර්ණ එකක්. වෙනත් තැනක ඇති දියුණු මෙන්ම සාමකාමී මෙම නගරය වෙනත් මානයක සිටින ජීවීන් විසින් ආක්‍රමණය කරනු ලබනවා. ඉන්පසු එහි ජනයාද සමඟ නගරය ගලවා ගැනීමේ කටයුතුවල නිරතවීමට පොලිසියක් පිහිටුවනවා. එහි කටයුතු පිළිබඳ පාදක කරගෙන ඇස්ට්‍රල් චේන් පරිගණක ක්‍රීඩාව නිමවා තියෙනවා. දි ආක් නමින් හැඳින්වෙන මෙම නගරයේ ඇති භෞතිකමය නොවන වෙනත් මානයක හෙවත් ප්ලේට් එක සිටින චෙමරාස් නගරයට විත් ජනයාට පහර දෙමින් ජන ජීවිත අඩාල කරනවා. එම නගරයේ ආරක්ෂාවට වගකියන පොලිසිය නගර ආරක්ෂා කරගැනීමට කර ගැනීමට උත්සාහ කරන නමුත් චෙමරාස් ජීවින් සමග සටන පහසුවන්නේ නෑ. ඒ නිසා විශේෂ දක්ෂතා ඇති නිලධාරීන් ඇසුරෙන් පොලිස් කණ්ඩායමක් නිර්මාණය කරනවා. මේ පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා ක්‍රියාත්මක විය යුත්තේ මේ විශේෂ පොලිස් කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට.

පොලිස් කණ්ඩායමේ සහායට විශේෂ රොබෝවරයෙක් ද සිටිනවා. ශක්තිමත් දක්ෂ මෙන්ම බුද්ධිමත් එම රොබෝ අවස්ථාවට ගැළපෙලපෙන ලෙස තම ස්වරූපය වෙනස් කරගෙන සටන් කරනවා. රොබෝවරයා අවස්ථානුකූල බුද්ධිමත් ලෙස හසුරුවා ගැනීමට පරිගණක ක්‍රීඩකයා වගකිව යුතු වෙනවා. රොබෝ වරයාගේ ස්වරූපය හා පහර දීමේ හැකියාව ආකාර පහක් වෙනවා. කඩු වලින් පහර දීම ශක්තිමත් ඉදිකිරීම් වැනි දේ කඩා හැලීම මෙන්ම සතුරු ප්‍රහාර වලදී පලිහක් ලෙස ද රොබෝ වරයාට ක්‍රියාත්මක විය හැකියි. මේ හැකියාව නිසි ලෙස යොදා ගනිමින් ක්‍රීඩා කරන විට ක්‍රීඩකයාට ලකුණු ලැබෙනවා. එම ලකුණු ප්‍රමාණය අනුව රොබෝ වරයාට තව තවත් හැකියාවන් ලැබෙනවා.

 

 

 


මෙහිදී ග්‍රැෆික් නිර්මාණය සහ සජීවීකරණය වේගය ත්‍රාසය සටන් වැනි විශේෂාංග ක්‍රීඩකයාට හොඳින් දැනෙන ආකාරයට නිර්මාණය කර තියෙනවා. නගරයේ දියුණුව පෙන්වන තාක්ෂණික මෙවලම් ගණනාවක්ද නිර්මාණය කර තියෙනවා. ආලෝකය අඳුර වර්ණය සහ ශබ්දය මනාලෙස සජීවීකරණය හා ගළපා තිබීම විශේශත්වයක් වෙනවා. චරිත සියල්ලටම කටහඬ ලබාදෙන නමුත් සංවාද අකුරෙන් හෙවත් subtitle වශයෙන්ම තිරයේ පෙන්වනවා. මෙසේ නිමවා ඇති පරිගණක ක්‍රීඩාවේ ස්වරූපය පෙන්වන වීඩියෝ ලොව පුරා පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ඉතාමත්ම ප්‍රචලිතයි.

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

219 Views

Comments

arrow-up