පරිඝණකයේ ෆයිල් රකින ඩුප්ලිකේට් බැකප්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

පරිඝණකයේ ෆයිල් රකින ඩුප්ලිකේට් බැකප්

පරිඝණකයේ ෆයිල් රකින ඩුප්ලිකේට් බැකප්

පරිගණකයේ රඳවා ඇති තොරතුරු විනාශවී යාමේ අවදානම සෑම විටම තියෙනවා. ඒ නිසා එහි ඇති තොරතුරු වල පිටපතක් හෝ කිහිපයක් හෝ වෙනත් තැනක රඳවා තැබීම ආරක්ෂිත පියවරක්. මේ පිටපත් පරිගණකයේම නැත්නම් ක්ලවුඩ් එකේ රඳවා තැබීම ආරක්ෂිත වෙනවා. ඒ වෙනුවෙන් සැකසුණු විශේෂ පරිගණක වැඩසටහන් දැන් තියෙනවා. ඩුප්ලිකේට් බැකප් එකක් කියන්නේ එවැනි සේවා අතරින් හොඳ වැඩසටහනක්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ desktop එක හෝ තෝරා ගන්නා ලද වෙනත් ෆෝල්ඩර් මෙන්නම drivers බැකප් කොට තබා ගෙන අවශ්‍ය විටෙක රීස්ටෝ කරගත හැකි ටූල්ස් මේ වැඩසටහන සපයා දෙනවා. දත්ත අන් අයට පත් වීම වළක්වන encryption තාක්ෂණය මෙහි භාවිතා වන නිසා බැකප් කරන ෆයිල් එක හොඳින් සුරැකෙනවා. නොමිලේ දෙන මේ ඩුප්ලිකේට් එකක් වැඩසටහන duplicate.com යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි වෙනවා.


duplicate backup වැඩසටහන install කරගැනීමෙන් පසුව එය විවෘත කරගත යුතුයි. මෙහිදී වෙබ් පිටුවක් සේ application window එක පෙනුනද වැඩ කිරීමට අන්තර්ජාල සම්බන්ධතාවය ඊට අවශ්‍ය වන්නේ නැහැ. backup කිරීම සඳහා මෙහි වම් පස ඇති Start මෙනූ එක තෝරාගත යුතුයි. ඊට පසු back backup කිරීමට අදාල සැකසුම සඳහා configure a new back option එක select කර next button එක click කළ යුතුයි. එවිට backup කිරීම සඳහා අදාල සැකසුම් කළ හැකි පිටු ඇති යොමු වෙනවා. එහි ඇති මේ වන තැන backup කිරීම සඳහා නමක් ලබාදී එසේම description යන්න ඉදිරියේ දී බැකප් කිරීමට අදාල දේ සම්බන්ධ විස්තරයක් සටහන් කළ හැකියි.
 

 

 


backup කල දත්ත නැවත තිබූ තැන්වල පිහිටුවීම හෙවත් restore කිරීම සඳහා එහි වම් පසින් ඇති රීස්ටෝ යන්න select කළ යුතුයි. එවිට ඉහත විස්තර කළ ආකාරයෙන්ම යම් තැනක තෝරාගත් නමකින් සකස්කළ backup settings දැකගන්න පුළුවන්. මෙහිදී backup කොටස් කීපයක් සකස් කොට ඇත්නම් ඒවායින් අවශ්‍ය settings වර්ග තෝරාගත යුතුයි. එය තෝරාගෙන next button එක ක්ලික් කළ පසු restore file පිටුව විවෘත වෙනවා. බැකප් කර ෆයිල් සියල්ලම රීස්ටෝ කළ යුතු නොවේ නම් රීස්ටෝ කල යුතු ෆයිල් එකේ නම search for files යන්න ඉදිරියේ සටහන් කළ විට එය පමණක් සෙවීම කළ හැකියි. එසේ නැත්නම් පහලින් ඇති list box එකේ තුළින් ෆයිල් වල ඇති checkbox එක ඔස්සේ තෝරා දියහැකියි. duplicate backup වැඩසටහන ඔස්සේ ෆයිල් ඉදිරි භාවිතය සඳහා හොඳින් සුරක්ෂිතව ලබා ගත හැකි වෙනවා. ඔබත් එය උත්සාහ කර බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

252 Views

Comments

arrow-up