හදගැස්ම මනින ඩ්‍රෝන යානා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

හදගැස්ම මනින ඩ්‍රෝන යානා

හදගැස්ම මනින ඩ්‍රෝන යානා

දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් හෘද හා හුස්ම ගැනීමේ වේගය දුරස්ථව මැනිය හැකි ඩ්‍රෝන යානා නිපදවා ඇත.


මේ හරහා ආරෝග්‍යශාලා,සාත්තු නිවාස සහ යුද කලාප තුළ මෙම ඩ්‍රෝන යානා යොදා ගත හැකි අතර මෙහිදී මිනිසුන්ගේ මුහුණේ සහ බෙල්ලේ හැඟීම් නිරීක්ෂණයෙන් හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය නිවැරදිව මැනගත හැකිය.
විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත. නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත් නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ. අලුත උපන් බිළිඳුන්ගේ වැදගත් සංඥා හඳුනා ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩ වෙනුවට ආදේශ කිරීම සඳහා ස්පර්ශ නොවන සංවේදකයක් සොයා ගැනීමේ අභිලාෂයෙන් මෙම පර්යේෂණය වර්ධනය විය.


ව්‍යාපෘති අධ්‍යක්ෂක පුවාන් චාල් මහතා පවසන්නේ ඩ්‍රෝනයනාවෙන් ස්වයංක්‍රීයව එක් පුද්ගලයෙකුගේ නොව කීප දෙනෙකුගේම හද ගැස්ම සහ ස්වසන වේගය වෙන වෙනම ගණනය කිරීමට හැකි බවයි. මෙම නව සොයා ගැනීම සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නව පෙරළියක් සිදු වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

 


ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සම්බන්ධ කථිකාචාර්ය රවි වෛද්‍යනාතන් මහතා පවසන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවට තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවයි. “ඩ්‍රෝන් යානය එක් එක් පුද්ගලයාට ස්වයංක්‍රීයව වෙන් වෙන්ව ක්‍රියාත්මක වන අතර එක් එක් පුද්ගලයාගේ හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය කොතැනදැයි සොයා ගැනීමට හැකි වනු ඇත” යැයි ව්‍යාපෘති අධීක්ෂක මහාචාර්ය ජවාන් චාල් පැවසීය. අප අවට බොහෝ පරිසරයන් සතුරු බැවින් ඩ්‍රෝන යානය ආරක්ෂිතම විකල්පයයි. විශේෂයෙන්ම සාගරය වැනි ස්ථානවලට ඉක්මනින් හා ආරක්ෂිතව කරදරයට පත්වන පුද්ගලයින්ට ප්‍රවේශය ලබා ගැනීම සඳහා ඩ්‍රෝන යානා අවශ්‍ය වේ. මෙම පර්‍යේෂණ කණ්ඩායමට මෙම නව නිර්මාණය පිළිබඳ තවම වාණිජමය උනන්දුවක් නොමැති නමුත් මහාචාර්ය චාල් පැවසුවේ මේ පිළිබඳ අදහසක් ඇති කර්මාන්ත හවුල්කරුවෙකු සමඟ එක්වුවහොත් මෙය ඉදිරි මාස කිහිපයකින් වානිජමය වශයෙන් නිර්මාණය කිරීමට හැකියාව ඇති බවයි. ඒ අනුව මෙම නව ඩ්‍රෝන යානා සාත්තු නිවාසවල, රෝහල් වාට්ටුවල සහ යුද කලාපවල යෙදවිය හැකිය.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

252 Views

Comments

arrow-up