ආබාධයකට ලක්වූ ධනංජය ද සිල්වාට දකුණු අප්‍රිකාණු තරඟාවලිය අහිමි වෙයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය සෙන්චූරියන් හිදී පැවැත්වෙනවා.
තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව කඩුලු 04කට ලකුණු 317ක් රැස් කරගෙන සිටියා.
මෙහිදී අප්‍රිකාණු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තා.
ඩීන් එල්ගර් ලකුණු 95කුත් ඒයිඩන් මාර්ක්‍රම් ලකුණු 68කුත් ලබා ගත්තා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 23කට කඩුලු 3ක් බිඳහෙලමින් අප්‍රිකාණු ඉනිම යම්තාක්දුරකට පාලනය කලා.
මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ආබාධයකට ලක්වීම නිසා ඔහුට තරඟාවලිය අහිමිවන බවයි වාර්තාවන්නේ.
තරඟයේ තුන්වැනි දිනය අදයි.
526 Views
Comments