ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයේ ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දිනයක් ඉතිරිව තිබියදී ජයගන්නට දකුණු අප්‍රිකාණු කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක හා ලකුණු 45ක පරාජයක් අත්කර දෙමින්.
තරඟයේ විරයා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ෆැප් ඩු ප්ලෙසිස් හිමිකරගත්තා. ඔහු පළමු ඉනිමේදී ලකුණු 199ක් රැස්කලා.
මේ අනුව තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරඟය සෙන්චූරියන් හිදී පැවති අතර මෙම තරඟය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධයන්ට ලක්වීම විශේෂත්වයක්.
දෙරට අතර දෙවන තරඟය එලඹෙන ජනවාරි 03 වනදා පැවැත්වීමට නියමිතයි.
664 Views
Comments