පළමු තරඟයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ගෞරවනීය ස්ථානයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
27

පළමු තරඟයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ගෞරවනීය ස්ථානයක

පළමු තරඟයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ගෞරවනීය ස්ථානයක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ (26) දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී ආරම්භ වුණා.

 

මෙහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

 

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 28ක් වෙද්දී පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 22 කට දැවී ගියා.

 

ලකුණු 54ක් වෙද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 12 කටත් කුසල් පෙරේරා ලකුණු 16කටත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට අප්‍රිකාණුවන් සමත්වුණා.

 

කෙසේ වෙතත් ඉන්සු පිටියට පිවිසි ධනංජයද සිල්වා හා දිනේෂ් චන්දිමාල් එක්ව ශතක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කලා.

 

ධනංජයද සිල්වා අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වන විට ලකුණු 79ක් රැස් කරගෙන සිටියා.

 

දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 85ක් රැස් කලා.

 

නිරෝෂන් දික්වැල්ල ලකුණු 49යි, මංගල තරඟය ක්‍රීඩා කරන වනිදු හසරංග ලකුණු 18කට දැවී ගියා.

 

දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 340ක් රැස් කරගෙන සිටියා.

 

පන්දු යැවීමේදී වියන් මර්ල්ඩර් කඩුලු 03ක් බිඳහෙලුවා.

 

තරඟයේ දෙවන දිනය අදයි.

 

 

 

views

511 Views

Comments

arrow-up