කලම්බෝ කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ඉවතට

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එම තනතුරෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.
ඒ හේතුවෙන් එම කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
එම කණ්ඩායම නියෝජනය කරන තුන්ඉරියව් ක්‍රීඩකයෙකු සමඟ ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හර්ෂල් ගිබ්ස් මෙවර ලංකා ප්‍රිමිය ලිග් තරඟාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණිය ද පසුව ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණා.
49 Views
Comments