ක්‍රීඩකයෙකුට කොරෝනා - එක්දින ක්රිකට් තරගය අත්හිටුවයි

දකුණු අප‍්‍රිකානු සංචිතයේ ක‍්‍රීඩකයෙකු, කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමග තරග 03 කින් සමන්විත එංගලන්ත - දකුණු අප‍්‍රිකානු එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්රිකට් තරගය අවලංගු කිරීමට දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.
සියලූම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබද සලකා පළමු තරගය ලබන ඉරිදා දක්වා කල් දැමීමට තීරණය කළ බවයි දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් බලධාරීන් සදහන් කළේ . ශ‍්‍රී ලංකා කණ්ඩායම ද මේ මස අවසානයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සදහා දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
259 Views
Comments