LPL 2020 : Dambulla viking පරදා Colombo Kings ජය හිමිකර ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

LPL 2020 : Dambulla viking පරදා Colombo Kings ජය හිමිකර ගනී

LPL 2020 : Dambulla viking පරදා Colombo Kings ජය හිමිකර ගනී

LPL 2020 තරගාවලියේ කලම්බු කින්ග්ස් හා දඹුල්ල වයිකින් කණ්ඩායම අතර තරගයේ ජය හිමිකර ගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

 

තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු කින්ග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දඹුල්ල වයිකින් කණ්ඩායමට ආරාධනා කළා.

 

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල වයිකින් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

 

දඹුල්ල වයිකින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ පෙරේරා පන්දු 51 කදී ලකුණු 74 ක් ලබා ගත්තා.

 

නිරෝෂන් දික්වැල්ල ලකුණු 65 ක් රැස්කලේ පන්දු 40ක් පමණක් වැයකරමින්. දසුන් ශානක ලකුණු 28 යි.

 

පන්දු යැවීමේදී කලම්බු කින්ග්ස් පිල වෙනුවෙන් කොයිස් අහමඩ් කඩුලු 02ක් දවා ගත්තා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි කලම්බු කින්ග්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව 20 වෙද්දී පළමු කඩුල්ල දැවි ගියා.

 

කෙසේ වෙතත් ලොරී එවන්ස් වේගවත් ලකුණු 53ක් රැස් කලේ පන්දු 24ක් පමණක් වැය කරමින්.

 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල කොයිස් අහමඩ් පන්දු 22කදී ලකුණු 50ක් රැස් කරමින් පිල ජයග්‍රාහී සීමාවට රැගෙන ගීයේ පන්දුවාර 18යි පන්දු 03 කදී. මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමග කලම්බු කින්ග්ස් කණ්ඩාම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

 

තරඟයේ වීරයා කොයිස් අහමඩ්

 

 

 

views

181 Views

Comments

arrow-up