LPL 2020 : ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියටම

ඊයේ පැවතියේ "ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර තරගයෙන් (8වන තරඟය) ලකුණු 54 ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස්ට කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 185 ක් රැස් කළා.
එහිදී කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 28 කින් ලකුණු 68 ක් ලබා ගැනීම විශේෂත්වයක් ධනංජය සිල්වා ලකුණු 61ක් ලබාගත්තා.
ලකුණු 186 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දු රැකීම මෙන්ම පන්දු යැවීම විශිෂ්ට ලෙසින් පැවති ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17.1කදී ලකුණු 131ක් පමණයි.
ඒ අනුව තරගාවලියේ අපරාජිතව තවමත් ඉදිරියෙන් සිටිමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජය තහවුරු කරගත්තා.
182 Views
Comments