ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තුන්වැනි තරඟයත් පරාජය වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ලකුණු 25 කින් ජයගන්නට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ පිට පිටම තුන්වැනි පරාජයත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට අත් කර දෙමින්.
මෙහිදී කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 196ක් රැස් කරගනු ලැබුවා.
මෙහිදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් බ්රෙන්ඩන් ටේලර් ලකුණු 51ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 28 ක් ද රැස් කරගත්තා.
පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් කඩුලු දෙකක් බිඳහෙලුවා.
ඊට අමතරව අකිල ධනංජය, මොහොමඩ් අමීර් හා මොහොමඩ් ෂිරාස් එක් කඩුල්ල බැඟින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුනතිලක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 82ක් රැස්කල අතර අනෙකුත් එක් පිතිකරුවෙකුටවත් සාර්ථක වීමට කැන්ඩි ටස්කර්ස් පිලේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් පමණයි.
තරඟයේ වීරයා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ බ්රෙන්ඩන් ටේලර්
193 Views
Comments