ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන හා අවසාන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
දෙවන දිනය නිමාවන විට දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 04කට ලකුණු 150ක් රැස් කරගෙන සිටියා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91 ක් හා නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 18 ක් රැස් කරගෙන සිටියා.
පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කලේ ලකුණු 157ක් පමණයි.
දකුණු අප්‍රිකා පලමු ඉනිම ලකුණු 302යි.
ලකුණු 145ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකාව දිනය නිමාවන විට කඩුලු 06ක් අතැතිව ලකුණු 05ක් ඉදිරියෙන් සිටියා.
552 Views
Comments