ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන තරඟයේ පළමු දිනයේම අසීරු තත්වයක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ඊයේ (03) ජොහැන්සන්බර්ග් හිදී ආරම්භ වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 40 පන්දු 03 ක් තුල ලකුණු 157කට සියලුදෙනා දැවී ගියා.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වන කුසල් ජනිත් පෙරේරා ලකුණු 60ක් රැස් කල අතර වනිදු හසරංග ලකුණු 29ක් රැස් කලා.
අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට අප්‍රිකාණු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඇන්රිච් නොර්ජියා කඩුලු 06ක් ද වියන් මර්ල්ඩර් කඩුලු 03ක්ද බිඳහෙලුවා.
පළමු ඉනිමේ දෙවනුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 148ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා.
ඩීන් එල්ගර් නොදැවී ලකුණු 92ක් හා රසී වැන් ඩ ඩුසේන් නොදැවී ලකුණූ 40ක් ලබාගෙන සිටියා.
තරඟයේ දෙවන දිනය අදයි.
614 Views
Comments