සීතා නෝනා හොයල දුන්නොත් කුඩයක් තෑගි – නලින් බණ්ඩාර

පසුගිය දිනවල ඇමරිකාවට එරෙහිව වහසි බස් දෙඩූ ආණ්ඩුවේ දේශපාලකයන් සැඟව සිටින තැන්වලින් සොයා දුන්නොත් වටිනා ත්‍යාග පිරිනමන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද කීවේය. ‘අපේ ඉඩම්ටික සුද්ධ කරන්න තමයි සුද්දා එන්නේ කියලා කියපු වියත් මගේ සීතා නෝනා හොයලා දෙන්න කියලා අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.
සීතා නෝනව හොයලා දුන්නොත් වටිනා කුඩයකුයි, ටෝච් එකකුයි පරිත්‍යාග කරනවා. පැනමා ඇළ වගේ ආර්ථික කොරිඩෝවක් හදනවා කියපු ගම්මන්පිල මහත්තයා හොයලා දුන්නොත් අපි ඔස්ට්‍රේලියානු ඩොලර් දාහක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විමල් වීරවංශ මහත්තයා හොයලා දුන්නොත් පංචායුධයක් තෑගි දෙනවා. අද මේ සිංහයෝ ටික බලු වෙලා. මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවන් අතර කොරෝනා වසංගත මර්දනය නෑ. ව්‍යාපාරිකයන්ට ණය සහන කාලයක් දුන්නා. අද ඒ මිනිස්සු කබලෙන් ළිපට වැටිලා. ඒ නිසා මේ ණය සහනය තවදුරටත් දීර්ඝ කළ යුතුයි.’
619 Views
Comments