කොරෝනා ගැන පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කළේ.
කෙසේ වෙතත් මෙම කාරක සභාවේ සභාපතිත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටියා.
ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් බහුතර කැමැත්ත විමසීමට ඡන්දයක් පැවැති අතර ඊට පක්ෂව ඡන්ද 87 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 17 ක් පමණයි.
ඒ අනුව බහුතර ඡන්දයෙන් අදාළ යෝජනාව සම්මතවූ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේ.
මේ අතර, කොරෝනා වසංගත අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථාවේදීයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පෙරේදා රැස්වූණා.
අද පෙරවරු 10ට ආරම්භ වූ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
584 Views
Comments