විස්සේ ඡන්දයට කළින් මෛත්‍රී ජනපතිට යැවු ලියුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

විස්සේ ඡන්දයට කළින් මෛත්‍රී ජනපතිට යැවු ලියුම

විස්සේ ඡන්දයට කළින් මෛත්‍රී ජනපතිට යැවු ලියුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින්ට පවා නොදැනුවත්ව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙර දැනුම් දීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

එම ලිපිය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇත්තේ තමන් ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේදී තමන්ගේ නායකත්වයෙන් සිදුවූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ තමා විසින් ඡන්දය භාවිතා කිරීම තමන්ගේ ආත්ම ගරුත්වයට සහ දේශපාලන ප්‍රතිපත්තියට මෙන්ම හෘද සාක්ෂියට අනුව නොගැලපෙන බවයි.

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යහපත් දේවල් බොහොමයක් අඩංගු වී තිබූ අතර, එය අවභාවිතා කරමින් දූෂිත කරනු ලැබුවේ තමන්ගේ රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවද එම ලිපියේ සදහන් කර තිබේ.

 

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් පෞද්ගලිකව මුහුණ දෙන තත්ත්වය සැලකිල්ලට ගන්නා මෙන් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

 

views

616 Views

Comments

arrow-up