සිංහලේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

සිංහලේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි

සිංහලේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි

සිංහලේ ජාතික පෙරමුණ පිළිගත් දේශපාලන සංවිධානයක් ලෙස පිළිගැනීම මැතිවරණ කොමිසම ඒකමතිකව ප්‍රතික්ෂේප කරීම සම්බන්ධයෙන් සිංහලේ ජාතික පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.‍

එම නිවේදනය පහතින්....‍

 

සිංහලේ ජාතික පෙරමුණ මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි.



( විදුරු ගෙවල් ඇතුලට වී යට ඇදුම් මාරු කරන අතරතුර එළියේ සිටිනා අය තමන් දෙස බලා සිටිනවාදැයි හොරෙන් බැලීම පලක් නැති ක්‍රියාවක් බව කොමිසමට සිහිපත් කරනු කැමැත්තෙමු )

පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිට සිංහලේ සංවිධානය මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ හැසිරීම සහ එහි ක්‍රියාකාරිත්වයේ ඇති දුර්වලතාවයන් පිලිබදව දිගින් දිගටම ප්‍රසිද්ද මාද්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කරන ලදී. ඒ අතරම අප සංවිධානයේ දේශපාලන පක්ෂය වන සිංහලේ ජාතික පෙරමුණ පක්ෂය ලියාපදිංචිය සදහා මැතිවරණ කොමිසම සදහා ඉදිරිපත්කරන ලද අතර සියලු ලිපි ලේඛන නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිය සදහා ඉදිරිපත් කරන නීති රේගුලාසින්ට යටත්ව සිදුකරන ලදී. එහෙත් මේ වනවිට කිසිදු සාධාරණ හේතුවකින් තොරව අයුක්ති සහගතව අපගේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කර ඇති අතර එයට එක් හේතුවක් වී ඇත්තේ අප පක්ෂයට සම්බන්ධ කිසිවකු මැතිවරණ කොමසාරිස්ගේ ගමේ නොවීමත් දකුණේ නොවීමත්ය. ඒ පිලිබදව ඔහු කරන පැහැදිලිකිරිමකට අදාළ හඩ පටයක්ද අප සන්තකයේ ඇත. ගෝත්‍රවාදී රජයේ සේවකයකුගේ චරිතයට පනදෙමින් කටයුතු කරන මැකෝ අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පහත සදහන් කාරනා බලපා ඇති බව අප තරයේ විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සිංහලේ සංවිධානය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වෙමු. මැතිවරණ කොමිසම අපව ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ කාරනා නම් ,



1) ජනාදිපතිවරණයේදී එවකට ජනාදිපතිවරණ අපේක්ෂකයකු වූ මහේෂ් සේනානායක සර්වෝදය ව්‍යාපාරය සමග එක්ව සිදුකල දුෂිත දේශපාලන මැදිහත්වීම් පිළිබදව වූ ප්‍රශ්නයට පිළිතුරක් කොමිසමෙන් ඉල්ලා සිටීම.



2) සර්වෝදය ව්‍යාපාරය එවකට fusion ආයතනය ඔස්සේ මෙරට සමාජ මාද්‍ය අවභාවිත කරමින් එක අපේක්ෂකයෙකු වෙනුවෙන් පමණක් සුවිශේෂී ලෙස මැදිහත් වෙමින් අනෙක් අපේක්ෂකයන්ට අසමානව සලකමින් අනෙකුත් අපේක්ෂකයන්ට එරෙහිව සමාජ මාද්‍ය ඔස්සේ ගෙනගිය සයිබර් ප්‍රහාර වැළැක්වීමට මැතිවරණ කොමිසම අපොහොසත්වීමේ ගැටලුව.



3) ශ්‍රීනාත් පෙරේරා මහතාට අයත් වෙනම දේශපාලන පක්ෂයකින් මහේෂ් සේනානායක මහතා ජනපතිවරණයට තරග වැදීම සහ මහේෂ් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා ඇප මුදල් තැන්පත් කිරීම පිළබදව වූ කටයුත්තේ සදාචාර විරෝදිභාවය හා අනීතිකභාවය පිලිබදව කොමිසමට සිදුකල පැමිණිල්ල.



4) පළාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීම හේතුවෙන් මෙරට ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන බවත් එය ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙසත් කොමිසමට කල ඉල්ලීම්.



5) පහුගිය මහා මැතිවරණය කොවිඩ් වසංගතය පෙන්වමින් එය දඩමීමා කර ගනිමින් ස්වාධින යයි කියමින් කොමිසමේම සාමාජිකයකු වන රත්නජිවන් හුල් මහතා මහ මැතිවරණය පැවැත්වීම සදහා සිදුකල සියලු ක්‍රියාකාරකම් වලට එරෙහිව සිංහලේ සංවිධානය විසින් සිදුකල මැදිහත්වීම්.



6) පොහොට්ටුව පක්ෂය ඉලක්ක කර එම පක්ෂයට චන්දය නොදෙන ලෙස රත්නජිවන් හුල් විසින් සිදුකල ප්‍රකාශයට එරෙහිව අප සංවිධානය විසින් ගෙනගිය මාද්‍ය ව්‍යාපාරයන්



7) රත්නජිවන් හුල් විසින් මැතිවරණ කොමිසමේ තම නිලය අවභාවිත කරමින් රථ වාහන දීමනා ඇතුළු අනෙකුත් දීමනා අවභාවිතය පිලිබදවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් හා එක්ව කොවිඩ් පළමු ව්‍යාප්ත සමයේදී කොමිසම තුල සිදුකල නොමනා චර්යාදර්මයන් අප සංවිධානය විසින් දැඩිව ප්‍රශ්න කර සිටීම .



6) කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් මෙවර ජන්දය සලකුණු කිරීමට පැමිණෙන ජන්ද දායකයාගේ ඇඟිලි පාට කිරිම සඳහා “ස්ප්‍රේ වර්ගයක්” යොදා ගැනීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සාකච්ජා පවත්වා ඇති බව මහාචාර්ය රත්නජීවන් හුල් කල ප්‍රකාශය පිලිබදව මැතිවරණ කොමිසම සමග සාකච්චාවක් සිංහලේ සංවිධානය ඉල්ලා සිටින ලදී



9) මහින්ද දේශප්‍රිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, ගෝඨාබය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන තමන් වෙත ඉදිරිපත් කරන ලද බව මැතිවරණ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට සඳහන් කළ බව හැඟවෙන දුරකතන සංවාදය පිලිබදවත් ස්වාධින යයි කියා ගන්නා කොමිසමක් මෙලෙස කටයුතු කිරීම කොතරම් සදාචාර සම්පන්නද යන්න පිලිබදව සිදුකළ ප්‍රශ්න කිරීමත්



10) එක්සත් ජාතික පක්ෂ කොලබ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂක ඔශල හේරත් මහතා සමග තම නිලයේ වගකීම් තබ දොයිතුවකටවත් මායිම් නොකර සිදුකල චර්යා විරෝධී සාකච්චා පිලිබදව මැතිවරණ කොමිසම වෙතම ලිපියක් භාරදුන් අතර අද වනතුරු ඒ සදහා කිසිදු පිළිතුරක් හෝ ඔහු විසින් අප වෙත යොමුකර නැත . ඔශල සමග කල සාකච්චා අදටත් අන්තර්ජාලයේදී අපට අසා දැන ගැනීමේ හැකියාවක් ඇත .


සිංහලේ සංවිධානය "සිංහලේ ජාතික පෙරමුණ" නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචිය සදහා කොමිසම වෙත යොමු කරන්නේ අප සංවිධානය හා කොමිසම අතර සුන්දර පැහැදිලිතාවයක් ඔවුන්ගෙන් අප කෙරෙහි නොමැති වාතාවරණයක් තුලය. අපගේ දේශපාලන පක්ෂය මේ කොමිසම පිළිගත්තා නම් අප පුදුමයට පත්වෙමු . ප්‍රතික්ෂේප කිරීම අප බලාපොරොත්තු වූ දෙයක් බැවින් ඒ පිලිබදව අපට ඇත්තේ පුදුමයක් නොව හිරිකිතයකි. කොමිසමේ මජර දේශපාලනය හා සිංහලේ සංවිධානයේ දේශපාලනය කොමිසමට පැටලී ඇති බැවින් සිංහලේ සංවිධානයේ වසර හතරේ දේශපාලන ක්‍රියාකාරිත්වය මදිවී ඇත. එසේම සියලු ලිපිගොනු සම්පුර්ණ කර නියමිත් දින නියමිත වෙලාවට සියලු වාර්තා අප භාරදුන් අතර එවැනි අසම්පුර්ණ වාර්තා පිළිගත් කොමිසමක් භාරගන්නවාද යන්න ප්‍රශ්න කර සිටිමු . සියලු වාර්තා නියමිත පරිදි භාරදුන් අතර සම්මුඛ පරීක්ෂණ සදහාද අපව නියමිත පරිදි කැදවන ලදී . එසේම කොමිසම අපට දැනුම් දුන්නේ දෙවන පරීක්ෂණය සදහාද සුදානමින් සිටින ලෙසය .කොමිසමට සිංහලේ සංවිධානයේ ගමන හෝ සිංහලේ ජාතික පෙරමුණේ දේශපාලන ගමන ඔවුන්ගේ ගල් පැලෙන බොරු වලින් වළක්වාලීමට හැකියාවක් නැති බව මතක් කර සිටින අතර විදුරු ගෙවල් ඇතුලට වී යට ඇදුම් මාරු කරන අතරතුර එළියේ සිටිනා අය තමන් දෙස බලා සිටිනවාදැයි හොරෙන් බැලීම පලක් නැති ක්‍රියාවක් බව කොමිසමට සිහිපත් කරනු කැමැත්තෙමු .

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

 

\

 

views

948 Views

Comments

arrow-up