අධිකරණ නියෝගය ලැබෙනතුරු මිහිදන් කිරීම තහනම් ,මුලතිව් අධිකරණයේ නියෝගයක්

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ ආදාහන කටයුතු එම විහාර භූමියේ සිදු නොකරන ලෙස දායක සභාවට මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා විසින් අද (22) තහනම් නියෝගයක් නිකුත් කළේය.
එමෙන්ම නා හිමිගේ ආදාහන කටයුතු මුලතිව් අධිකරණයේ නියෝගයක් ලැබෙන තුරු නොකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම හෙට (23) විහාරයේ දායක සභාවට හා එහි වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට අධිකරණයේ පෙනී සිටිය යුතු බවද නියෝගයෙන් දන්වා තිබේ.
විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුළදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර 20වන දා රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වීය.
විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන පැමිණියහොත් කෝවිලේ කටයුතුවලට බාධා ඇතිවන බව පවසමින් එය වළකාලන්නැයි විහාර භූමියේ පිහිටි නිරාවිපුල්ලයාර් කෝවිලේ පිරිසක් මූලතිව් පොලීසියට පැමිණිල්ලක් කර තිබිණ .
එම පැමිණිල්ල මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලෙය.එබැවින් අද අලුයම විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට රැගෙන පැමිණි අතර අවසන් කටයුතු හෙට දිනයේ සවස 02.00 සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිට ඇත.
621 Views
Comments