දියකාවා අද අවසන් (ඡයාරූප බලන්න )

මෙම විශේෂ පුහුණු මෙහෙයුම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගිවේ .මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින්ද මෙම අභ්‍යාසයට සහභාගී විය.මෙය මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වේ.
සැප්තැම්බර් මස 03 සිට 23 දින දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවකදි භටපිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇත.
මෙම වසරෙහි දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් සෙනෙරත් යාපා මහතා ද කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි මහතා සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.පී.සී. පීරිස් මහතා කටයුතු කරනු ලබයි.
‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 23 වන අද දින පස්වරැ 3 නේ සිට කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත.
1259 Views
Comments