රටේම ණය ගෙවිය හැකි සම්පත් කුණුකොල්ලයට විකුණන අපි

ලංකාව සතු මිලකළ නොහැකි ස්වභාවික සම්පතක් වන කහටගහ මිනිරන් පතල පිළිබඳව කෝප් කමිටු විමර්ෂණයේදී අවධානයට ලක්විය.
ලොව පිරිසිදුම මිනිරන් ආකරයක් වන මෙහි දැනට සිදුවන්නේ ග්‍රැෆයිට් (Graphite) ලෙස අමුදුව්‍ය (Raw Materials) අපනයනය වන අතර එය තවදුරටත් දියුණු කර ග්‍රැෆීන් (Graphene) බවට පත්කර අපනයනය කිරීමෙන් අතිවිශාල ආදායමක් ලැබිය හැකිබව මෙහිදී අනාවරණය විය.
ග්‍රැෆයිට් මෙට්‍රික් ටොන් එකක් දැනට ඩොලර් 2000ක මුදලකට අපනයනය කරන අතර ග්‍රැෆීන් ලෙස කිලෝ 1ක් ඩොලර් 5000කට අපනයනය කළ හැකිබව එහිදී සඳහන් කරන ලදි.
2019-09-18 දින පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණයේදී මෙම කරුණු සාකච්චාවට ගැණුනි.
686 Views
Comments