වෙලේ සුදා, කංජිපානි, පොඩි ලැසී ඇතුළු සියලු රැඳවියන් උපවාසය අත්හරියි

ඉල්ලීම් පහක් මුල් කරගනිමින් ආහාර වර්ජනයක නිරතව සිටි බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති විශේෂ ගණයේ රැඳවියන් සියළුදෙනා උපවාසය අත්හළ බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ උපවාසය අත්හැර නොසිටි ඉතිරි විසි දෙනා ද අද දහවල් ආහාරය ගනිමින් උපවාසය අත්හල බවයි.
බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් හතළිස් පස් දෙනකු ආහාර වර්ජනයක නිරත වූ අතර පසුව ඉන් විසි පස් දෙනෙක් එම උපවාසය මීට පෙර අත් හැරියා.
වෙලේ සුදා, කන්ජිපානි ඉම්රාන්, පොඩි ලැසී, පරවි සුදා හා බ්ලූමැන්ඩල් අසංක ඇතුළු විසිදෙනෙක් අද උදෑසන වන තෙක් ආහාර වර්ජනයේ නිරතව සිටි බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා.
ආහාර වර්ජනයෙන් යුක්තව සිටි කන්ජිපානි ඉම්රාන් තමා අසනීප තත්ත්වයකින් පෙළෙන බවට ඇඟවීමට උත්සාහ කළ ද ගාල්ල නාවික හමුදා රෝහල වෙත ගොස් කළ පරීක්ෂණයකදී ඔහුට බරපතළ අසනීපයක් නොමැති බවට තහවුරු කරගත්තා.
1903 Views
Comments