වැලිගමින් මුහුදු ගිය පහක් මාතර රෝහලේ.
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

වැලිගමින් මුහුදු ගිය පහක් මාතර රෝහලේ.

වැලිගමින් මුහුදු ගිය පහක් මාතර රෝහලේ.

ධිවර නිති උල්ලංඝනය කරමින් වැලිගම කප්පරතොට පෙදෙසෙන් ඊයේ (06) ධිවර කටයුතු සදහා ගිය බහුදින ධිවර යාත්‍රාවක් ගැඹුරු මුහුදෙහිදි අනතුරට පත්ව තිබියදී එම යාත්‍රාවෙ ස්කීපර් ඇතුළු පස්දෙනෙකු පිහීනා ගෙනවිත් ඊයේ ( 6 ) දින රාත්‍රි ගොඩබිමට පැමිණි මෙන් පසු ඔවුන් රෝහල් ගතකල බව ධිවර හා ජලජ සමිපත් දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි .

ධිවර දෙපාර්තමේන්තුවේ මගින් පවතින කාලගුණික තත්ත්වය අනතුරු දායක බවට දැනුම්දි තිබියදි විහන්ගී (2) බහුදින ධීවර යාත්‍රාව ස්කීපර් ඇතුළු පස්දෙනෙකු සමග ඊයේ (6 ) දින පස්වරු 4. පමණ ධීවර රැකියාව සදහා පිටත්ව ගොස් ඇත.

තුවාල ලබා ඇති පිරිස වැලිගම කප්පරතොට පෙදෙසේ පදිංචි වයස 22 - 40 වයසෙ අය බව සදහන්.මෙම ධිවරයන් මිරිස්ස ගිරාගල පෙදෙස සිට පිනාගෙන විත් රාත්‍රි 10 ,20 පමණ ගොඩබිමට පැමිණ තිබෙි. එහිදී ධිවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පාමුර සංචාරයේ යෙදි සිටි මිරිස්ස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව තුවාල ලැබූ ධිවරයන් පස්දෙනෙකු හදිසි ගිලන් රථ සේවාව මගින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ලදි.

එ අනුව එම ධිවරයන් මෙවන විට මාතර මහ රෝහලේ නේවාසිකව ⁣ප්‍රතිකාර ලබමින් සිටි. අනතුරට පත් බහුදින යාත්‍රාවට හානි සිදුවි ඇති බවට සදහන් කෙසේ නමුත් මෙම ධිවරයන් ආරක්ෂක කබා පැලද ධිවර කටයුතුවල යෙදිම හේතුවෙන් ධිවරයන්ගෙ ජිවිතය බෙිරා ගැනීමට හැකිවි තිබු බව ⁣ ධිවර දෙපාර්තමේන්තුව පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට යාතාවෙි හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මෙම අනතුර සම්බන්ධයෙන් ධිවර අධ්‍යක්ෂක ජනරාල් ජී ප්‍රසන්න මහතාගේ උපදෙස් හා නියෝග මත මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එස් එචි සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් ධිවර දෙපාර්තමේන්තුවේ නිති කටයුතු පිළිබඳ ධිවර පරික්ෂක එන් .එන් .ඩි.එස්.යු පරණවිතාන මහතා ,වරාය මෙහෙයුම් නිලධාරී එස්, වි,නාලක ඇතුළු නිලධාරී කණ්ඩායමක් තවදුරටත් පරික්ෂණ මෙහෙයවති .

 

views

883 Views

Comments

arrow-up