ඩුබායි සිට ඇවිත් නිරෝදායනයේ සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට : අවසන් කටයුතු කොවිඩ් නීතිරීති අනුව සිදුකරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

ඩුබායි සිට ඇවිත් නිරෝදායනයේ සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට : අවසන් කටයුතු කොවිඩ් නීතිරීති අනුව සිදුකරයි

ඩුබායි සිට ඇවිත් නිරෝදායනයේ සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට : අවසන් කටයුතු කොවිඩ් නීතිරීති අනුව සිදුකරයි

නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි එක්දරු පියෙකි.

ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් භාරයේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි කොවිඩ්-19 වෛසරය පැතිර යාමේ අවධානමට පෙර මොහු රැකියාවෙන් ඉවත් වි දිවයිනට පැමිණිමේ අපෙක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැදි සිට ඇති අතර දිවයිනට පැමිණිමට ගුවන් පහසුකම් නොමැති නිසා ඉකුත් 01 වෙනිදා දින දිවයිනට පැමිණ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි තිබෙනවා.

මෙම පුද්ගලයා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබිජ ඇතුල් විම නිසා අද දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදි ජිවිතක්ෂයට පත් වි ඇත.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් අද (07) දින නුවරඑලිය නාගරික ආදහනාගාරයේදි කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් අද දින සිදුකරනු ලැබිය

 

views

830 Views

Comments

arrow-up