කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

ස්වාධීන කොමිෂන් සභා හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි.
කළුතර වෙට්ටමකඩ ප්‍රදේශයේ ඊයේ (06) පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අහදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මාධ්‍යයෙන් මගෙන් අහනවා 19 වන සංශෝධනයට මොනව ද වෙන්නේ, 20ට වන සංශෝධනයට මොනවද වෙන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න මිසක්, සංශෝධන කර කර අලුතින් පොත් ලිය ලිය ඉන්න නෙමෙයි. “
“දැන් 19 වන සංශෝධනයක් උස්සන් ආවා. අපි දැන් ඒක ඉවත් කරනවා. එහෙම කරන්නේ‍, ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න.“
“19 වන සංශෝධනයෙන් පොලිස් කොමිසමට බලය දුන්නා. මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ, එයින් අපරාධ අඩුවෙන්න ඕනේ. ස්වාධීන පොලිස් කොමිසමෙන් අපරාද අඩු වුණා ද වැඩි වුණා ද? මගේ යටතේ තමයි රස පරීක්ෂක දෙපාර්තරමේන්තුව තියෙන්නේ. “
“මම ඔවුන් එක්ක සාකච්ඡාවක් කළා. 2015 දී කුඩු පරීක්ෂා කරන්න 6700ක් ආවා 2016 දී 7900ක් වුණා. 2018 වර්ෂයේ දී 11000ක් වුණා. ගිය වසරේ දී එම ප්‍රමාණය 16,000ක් වුණා. මේ වසරේ මේ වන විට 14,000ක් තියෙනවා. “
“ ඉතින් කොමිසන් හදලා වැඩක් තියෙනවා ද ? රිපෝට් හදලා වැඩක් නෑ. කොමිසන් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දෙන එක. 19 වන සංශෝධනය නිසා එක බස් එකට ඩ්‍රයිවර් ලා දෙන්නයි. ජනාධිපතිත් බලය ඉල්ලනවා අගමැතිත් බලය ඉල්ලනවා. වාර්තා 97ක් තියෙද්දි පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. මොකට ද කොමිෂන්.ඒ පොලිස්පතිවවත් තාම අස්කර ගන්න බෑ.තාම ඉන්නේ වැඩබලන පොලිස්පති. “
“69 ලක්ෂයක් මිනිස්සු ඡන්දය ලබා දීලා පොලිස්පතිවරයා වෙනස්කර ගන්න බැරි නම්, බුද්ධි වාර්තා 90ක් තිබිය දීත් ප්‍රහාරයක් නවත්වා ගන්න බැරි නම්, කුඩු 6700ක් වුණ එක 16,000ක් වෙනකල් ඉහළ ගිහින් නම් මොකද්ද කරන්න කියන්නේ. ඒක තියාගෙන වාර්තා හදන්න ද කියන්නේ. එහෙම නැත්නම් මේ රට හදන්න ද ඕනේ. ඔබේ දරුවන් ව මත් උවඳුරෙන් ආරක්ෂා කරන්න, රටේ ත්‍රස්තවාදය තුරන් කරන්න අවශ්‍ය ඕනෑම පියවරක් ගන්න අපි රජයක් ලෙස පැකිලෙන්නේ නැති බව මම වගකිව යුතු ඇමතිවරයෙක් ලෙස ප්‍රකාශ කරනවා.“

 

views

793 Views

Comments

arrow-up