නැව යළිත් ගිනි ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

නැව යළිත් ගිනි ගනී

නැව යළිත් ගිනි ගනී

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 


නාවික හමුදාව සඳහන් කළේ , ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින බවය.

 


ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් කඩිනමින් කටයුතු කරමින් සිටී.

 


ආපදා කළමනාකරණ කණ්ඩායම් ඊයේ සවස ගින්න පාලනය කිරීමෙන් පසු ගින්න වැළැක්වීමට දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් සිදු කළ ආපදා කළමනාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටක් සඳහන් විය.

 


මෙම නෞකාවේ ගින්න පැය 80ක පමණ මෙහෙයුමකින් අනතුරුව නිවා දැමීමට හැකි වූවත් අධික උෂ්ණත්වය නිසා නැවේ අභ්‍යන්තර ගින්න නිවා දැමීමට තවත් දින දෙකක් පමණ යා හැකි බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මින් පෙර ප්‍රකාශ කර සිටියේ.

 


සුළඟ වැනි සාධක මත නැවේ නැවතත් ගින්නක් ඇති විය හැකි බවට මින් පෙර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාත් ප්‍රකාශ කර තිබුණා.

 

views

854 Views

Comments

arrow-up