මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට

මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දෙන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබෙනවා

 

පෙර පුවත‍‍‍.....

 

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද අලුයම සිදු වූ හුවමාරුවකදී මියගොස් තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

 

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.


අද (20) අළුයම සිදුකළ එම වැටලීමට මාකඳුරේ මධුෂ් එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

 

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කළ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත. ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වූ බවයි වාර්තා වන්නේ.

 

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු අතර එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගනු ලැබුවා.

 

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලැබුවා.

 

 

views

921 Views

Comments

arrow-up