ස්මාර්ට් විදිහට AL ලියලා සිසුන් දෙදෙනෙක් හසුවෙයි

ස්මාර්ට් ඔරලෝසුවක් පැලඳ ඊයේ (13 වැනිදා) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකු ගම්පහ බණ්ඩාරනායක විදුහල් විභාග මධ්‍යස්ථානයේ දී විභාග නිරීක්ෂකයන්ට හසු වී තිබේ.
එම ඔරලෝසුව නිරීක්ෂකයන් භාරයට ගෙන විභාගයට පෙනී සිටීමට ශිෂ්‍යාට අවස්ථාව ලබා දී තිබෙන අතර ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර තමන් පෙනී සිටි ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර වෙනත් පුද්ගලයකුට යැවූ කොළඹ වෙස්ලි විදුහලේ ශිෂ්‍යයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
විභාග නිරීක්ෂකයන්ට එම ජංගම දුරකතනය හසු වී ඇත්තේ ශිෂ්‍යයා සම්බන්ධයෙන් සැක සිතී කළ පරීක්ෂා කිරීමේ දීය. ජංගම දුරකතනය නිරීක්ෂකයන් අතට පත් වීමෙන් පසු එහි ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණු බව දැනගන්නට ඇතත් එය තහවුරු කර ගත හැක්කේ පරීක්ෂණවලින් පසුව යැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
1604 Views
Comments