රිෂාඩ් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 6ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

රිෂාඩ් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 6ක්

රිෂාඩ් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 6ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් ඔහුගේ නිවෙස් වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු කියා සිටියේ මන්නාරමේ සහ කොළඹ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවෙස්වලට ඊයේ (13) රාත්‍රියේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ගොස් ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

ඒ අනුව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ ඉල්ලීමක් කළ අතර, එය ප්‍රතික්ෂේප කෙරුණා.

එහිදි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම මොවුන්ට එරෙහිව එල්ල වන චෝදනායි.

 

views

838 Views

Comments

arrow-up