දුම්රිය වර්ජනය අදත් ජනතාව දැඩි අපහසුතාවට

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
අද (30) වර්ජනය ක්‍රියාත්මක වන්නේ 05 වන දිනටයි.
වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ මෙම දුම්රිය වර්ජනය ආරම්භ කරනු ලැබුවා.
දුම්රිය හා තැපැල් ඇතුළු සේවා වල වැටුප් විෂමතා ද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.
මේ අතර රට පුරා සිදු කෙරෙන වර්ජන සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට පත් කළ කැබිනට් අනු කමිටුවද අද රැස්වීමට නියමිතයි.
අද පස්වරු 01.00ට මෙම රැස්වීම ආරම්භ කිරීමට නියමිත අතර දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද උදෑසනත් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියා.
569 Views
Comments