ගෝඨා ඇතුලු අටක් නිදහස්

ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු අටදෙනා නිදහස් කර තිබෙනවා.
ඒ, අල්ලස් කොමිසම මගින් පැවරූ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
පසුගියදා නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු ඇති ආකාරය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය මේවනවිටත් තීන්දු කර ඇති බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විත්තිකාර ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන්ට නියෝග කළේ අද දිනයේ අභියාචනාධිකරණ තීන්දුවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
අභියාචනාධිකරණ තීන්දුවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව අභියාචනාධිකරණයේ තින්දුව පිලිගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියද විත්තිකරුවන් මෙම නඩුවෙන් නිදහස් කර තිබෙනවා.
676 Views
Comments