කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක්
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින අලුයම සිය බාරයට ගෙන තිබෙනවා
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිටි නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ප්‍රවාහනයට සුදානම් කර තිබු කහ තොගයකි.
අදාල කහ තොගය උර 59 ක අසුරා තිබූ බවත් ජලය කාන්දු නොවන පොලිතින් උරවල බහා පොහොර උරවල අසුරා තිබු බවත්, කහ තොගයේ වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 110 ඉක්මවන බවත් පවසනවා
තම්බපන්නී නාවික කදවුරේ උඩප්පුව නාවික අණු කන්ඩයේ බුද්ධි ඒකකය මගින් මෙම වැටලීම කරන අවස්ථවේදි සැකකරුවන් හා ධීවර යාත්‍රා පලා ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.
769 Views
Comments